Tuesday, November 10, 2009

බෞද්ධ කමද සිංහල කමද...?

බුදු සමිඳාණන් මේ ලොවට පහල වන විට, මුළු ලොව ම අවිද්‍යා ඝණ අදුරෙ හි ගිලී තිබුණි. ඉන්දියාව පුරා දෙසැටක් වූ මිථ්‍යා දෘෂ්ඨීන් රජ කරමින් පැවැතිණි. ඒ අතර, රාජ්‍ය බලය ද යොදා ගත් බ්‍රාහ්මණ පිරිස, ඔවුන් ගේ දහම ඒ රටේ ඇති ප්‍රබලත ම ආගම බවට පත් කරගත් අතර, අනෙක් ආගමික මත ද එහි නොඅඩුව පැවැතියේ ය. ඒ හැම දෙයක ම එකම කරුණක් පිළිගත්හ. එනම් මැවුම්කාර දෙවියකු ඇති බව ය. ඔවුන් එය ප්‍රකාශ කළේ ත්‍රිමූර්තිය කියා ය. අපර දිග සියළු ආගමික මත වලට වඩා තරමක් ඉදිරියෙන් සිටි මේ ආගමික මතයන්, යම් තරමකට හෝ මනස දියුණු කිරීම ගැන කතා කොට ඇත්තේ ය. ඒ සැවොම පිළිගත් තවත් අදහසක් ද ඇත. එනම් පරමාත්මතාවයි. ඔවුන් හට අවශ්‍ය වුයේ, කෙසේ හෝ දෙවියන් ගේ ප්‍රසාද දිනා, පරමාත්මතාව සාක්ෂාත් කිරිම වැනි දෙයක් විය.




මෙවන් අවධියකදි අප බුදු සමිදාණන් වහන්සේ දසමරසෙන් පරදා සම්මා සම්බුද්ධත්වයට පත්වි වදාළහ. එහිදි උන්වහන්සේව මල් මාලා දමා පිළිගැනීමට බොදුනු පිරිසක් නොවීය. බුදු රජාණන් වහන්සේ අනුස්මරණය කොට බැලු සේක. එවිට උන්වහන්සේට නිතැතින් උපකාර කර අයගෙන් පස්වග මහණුන් වහන්සේලා ජිවත්ව වසන බවත් ඒ අය වෙත ගොස් ප්රථම කො කතා කිරිමට සිතා ගත් සේක. පස්වග මහණුන් වහන්සේලා පෙර සිදුහත් බෝසතාණන් දැන සිටි උදවියයි එසේ වතුදු උන්වහන්සේගේ දුෂ්කරක්රියා හරණයෙන් පසුව උන්වහන්සේ කෙරෙහි එතරම් පැහැදිමක් නොතිබුණි. එසේ වතුදු අන්තිමේ දි නැවත වැරදුනේ තමන්ටය යන්න ඔවුන් අවබෝධ කරගත්තේ ය. බුදු රජාණන් වහන්සේ දහම් දේසු සේක. ඒ දහමින් සිත තුල තිබු අවිද්යෘ පඨල ඉරි ගොස් ප්රඥාවේ ආලෝකය පහල වන අයුරු කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේ තමා තුලින්ම ප්රත්යක්ෂ කල සේක.

එතැන් පටන් පැවැත්වු ඒ උතුම් අවබෝධයෙන්ම වදහල සම්බුදු දහම දන සිත් එකළු කලේය. දහම් එලියෙන් ආලෝකමත් ජිවිත ඇති පිංවත්හු බොහෝ දෙන ගිහි දිවිය හැර දමා පැවිදිව සසුන් ගුණ පුරා කෙලෙසුන් මුල සුන් කලහ. බුදු රජාණන් වහන්සේ පිරිණිවන් පානා විට උන්වහන්සේ වටා එක් රැස් වු පිරිස , ඒ දහම් මගට පිළිපන් පිරිස ලක්ෂ ගණනින් යතු වුහ. අන්තිම පරිනිර්වාණ සමයේදි උන්වහන්සේ නොයෙක් අයුරින් සිල්වත් විමේ අගය හා සමාධිය දියුණු කිරිමේ අගයත් ප්රඥාව දියුණු කිරීමේ අගයත් දේශනා කොට පෙන්වා දුන් සේක. ඒ භාග්යවතුන් වහන්සේ අවසන් වරටත් මෙසේ දේශනා කොට වදාළ සේක. "ආමන්තයාමි වෝ භික්ඛවේ වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදේථ
" මහණෙනි මේ ලොව ඇති හැම දෙයක්ම අනිත්යය වෙනස් වෙලා යන සුළුය එබැවින් ඒ උතුම් ධර්මාව බෝධය පිණිස වහා වහා කටයුතු සම්පාදනය කරගත යුතුය. මේසේ අන්තිම වරටද මේ බුදු සසුනක රැකවරණය ලබන ශ්රාවකයින් විසින් අනිවාර්යයෙන්ම කරගත යුතු වන්නේ කුමක්ද යන වග දේශනා කොට වදාළ බුදු සමිදාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.




එතැන් පටන් මහරහතන් වහන්සේලා මේ ලෝකයට ඒ සදහම් පණිවිඩය බෙදා දුන් සේක. මහ සඝරුවනට ආයු වර්ණාදිය පිණිස දානාදියෙන් උපකාර කරමින් සැදැහැති දනන් ඒ බුදු සසුනේ චිරස්ඨිතියට සහාය දුන්නෝ ය. එසේ මේ බුදු සසුන බුදුන් පිරිනිවි මාස තුනකට පසුව අශ්රද්ධාවත්
වු භික්ෂුවකගේ ප්රකාශයක් නිසාවෙනුත් එයින් ගම්ය වන මහා භයානක් දෙයක සෙවැනැල්ල මහා කශ්යප තෙරණුවන්ගේ මහා ණුවනැසට හසු වු නිසාත් එකල සිටි අජාසත් නිරිදුන් ප්රධාන ගිහි ශ්රාවකයන්ගේ අනුග්රහයන් මධ්යයේ මහ රහතන් වහන්සේලා පන්සිය නමක් එකතුව බුදු සමිදුන් ජිවමානව වැඩ සිටිනා විට නොයෙක් තැන නොයෙක් අයුරින් යුතුව දේශනා කොට වදාළ ඒ උතුම් සම්බුද්ධ දේශනා සියල්ල එක් කොට ධර්මය මේ ය. විනයේ මේ යැයි සංග්රහ කොට තබා වදාළේය. අදද ලොව තුල ථෙර වාදි යම් ධර්මයක් ගැන කතා කෙරේද ඒ අප බුදු සමිදුන් විසින් දේශනා කොට වදාළ ඒ උතුම් වු ශ්රි සද්ධර්මය මල් අසුනක විසිරි තිබුනු මල් සියල්ල එක්කොට එකට අමුණා මල්දාමයක් කොට සුරක්ෂිතව තැන්පත් කලාක් මෙන් ඒ මහා රහතන් වහන්සේලා විසින් සංඝායිත ඒ සුපිරිසිදු ශ්රි සද්ධර්මයයි..
බෞද්ධ කමද සිංහල කමද...? යන මැයෙන් ලියවෙන ලිපි පෙලේ පලමු වෙනි ලිපිය නිමාවිය... 



අපගේ ගෞරවනීය ඉල්ලීම පරිදි පූජ්‍ය එප්පාවල සාගරසුමන ස්වාමීන් වහන්සේ විසින් මෙම වෙබ් අඩවිය සඳහාම කරන ලද ධර්ම දානයකි. 
http://www.dhammasangayana.ning.com/


7 comments:

  1. Dear Friends, Due to the mismatch of FONTS there should be some misspellings. We are sorry for that shortcoming.

    ReplyDelete
  2. හිතවත් රංග,
    සිංහල අක්ෂර පරිවර්තන ගැටළුවට, අප අවධානය යොමු විය යුතුයි.
    ලක්ෂාන්

    ReplyDelete
  3. yes exactly Lakshan, I searched for some sinhala font converting software, (converting from one font to another) but still didn't get a good one. if you found pls inform me.

    and also as you told before , we need to find a good Tamil translator. there are lots of English-German and English-french translators, but still there is no such a free software or website.

    ReplyDelete
  4. I think, the sinhala font translation issue is at the browser (what is displayed to us).

    Even, when I use FMAbhaya fonts written at MS-Word, the web display is confusing.

    Tamil translator is a must. I asked from one of my Tamil friends. He said that there was an online translator, and now the site is down.

    Did you receive my invitation for www.oursrilankandream.blogspot.com
    I want you become the administrator.

    Ranga, we must have a discussion on our vision (dream) for Sri Lanka. This will give an opportunity for all Sri Lankans to share their international experience for the benefit of Sri Lanka.

    ReplyDelete
  5. Ranga,

    Please check your first paragraph. I think, the problem is corrected now.

    I added following script

    font-family: Malithi Web

    Lakshan

    ReplyDelete
  6. Lakshan, I'll accept that invitation after this post.

    you have done a extremely great work. now the sinhala fonts are appearing well.

    keep it up the good things.

    ReplyDelete
  7. රංග ඔබගේ ලිපිය ඉතාමත්ම වටිනවා. එය ලස්සනට ඔබ ඉදිරිපත් කර තිබේ. මෙම සටහන බොහොම හොඳින් කියවා බලා තේරුම් ගෙනීම වැදගත්. ලිපියේ ඉතිරි කොටසද බලාපොරොත්තු වෙමි. ඉන්පසු මා නැවත ලියන්නම්. ඔබට බොහෝ පිං.......
    නෙලු මානෙල්

    ReplyDelete