Saturday, November 7, 2009

දෙවියන්ට යැදීම

ඔබ හිගන්නෙක්ද...?

මම දන්නවා මම මෙහෙම අහපුගමන්ම ඔබ හිතනවා ඇති මේකටනම් හොදටම පිස්සු කියලා.එහෙම හිතන එකෙත් වැරද්දක් නෑ.මොකද ඔයාලා හැමොම හිතන් ඉන්න රුපෙන් ඉන්න හිගන්නො නෙමේ ඔයාලා.හැබයි මම මේ කියන්න යන්නෙ ඒ හිගන්නො ගැන නම් නෙමෙයි.එහෙනම් මොකක් ගැනද කියලා බලමු.

හොදයි ඔයාලා දෙවියන් අදහනවද...?කව්ද අදහන දෙවියන් කතරගම,විශ්නු,සරස්වති,ගන දෙවියො...?හොදයි මොනවද මේ දෙවියන් ලගට ගිහින් කරන්නේ...?කරදරයක්,ලෙඩක් හැදුනම දුවනව දේවාලෙට. දේවාලෙට දුවලා මොකද කරන්නේ දෙවියන්ගෙන් ඉල්ලනවා මට මගේ කරදරය,ලෙඩේ නැතිකරලා දෙන්න කියලා.එහෙම නේද...? හරි එහෙමනම් ඉල්ලනවා කියන එකට සමාන වචනයක් කියන්න බලන්න..? ඉල්ලනවා කියන එකට සමාන වචනයක් තමයි යදිනවා ඒකට සමාන වචනයක් තමයි යාඤ්ඤා කරනවා.

හිගන්නා මොකද කරන්නේ...?හිගාකනවා ඒ කියන්නේ කාගෙන් හරි කැමට යමක් හෝ කැමට යමක් ගැනීමට මුදලක් ඉල්ලා ගන්නවා.හිගන්නාට කියන හරි නම මොකක්ද...?හිගන්නාට කියන හරිනම තමයි යාචකයා.
ඉල්ලගන්නා = යාචකයා = හිගන්නා එහෙනම් අපි දෙවියන් ලගට ගිහින් ඉල්ලනවා ඒ කියන්නේ හිගාකනවා බුදුදහමේ නෑ හිගාකෑමක් ගැන.බුදු දහමේ යැදීමක් ගැන කියවෙන්නෙ නෑ.බුදුදහමේ කියන්නේ යැදීම නිශ්ප්රභ දෙයක් හැටියටයි.

ඇත්තටම දෙවියන් කියලා කට්ටියක් ඉන්නවාද...? ඔව් ඉන්නවා දෙවියන්ගේ ලොකේ දෙවියො කියලා කට්ටියක් ඉන්නවා.හබැයි මේ අයනම් අන්ගවිකල දෙවියෝ නම් නෙමෙයි අත් කකුල් වැඩිත් නෑ අලි ඔලුත් නෑ බෙල්ල වටේට නයිත් නෑ.එහෙනම් මෙ අය කොඉ වගෙද...? දෙවියන් කියන්නේ පින් දහම් වඩලා කුසල් වඩලා ඒ ජිවිතය ඉවරවුනාට පස්සේ දෙවියලොකේ දෙවියන් අතර ඉපදුන අයයි.මේ අය පින් කරපු නිසාම මෙ අය ගොඩාක් ලස්සනයි.

ගොඩාක් අය හිතන දෙයක් තමයි ලෙඩක් හැදුනම එක දෙවියන්ගේ සාපයක් කියලා.දෙවියො දන්නවා ඒ අය පින් රැස් කරපු නිසා දෙවියන් අතර ඉපදුනේ කියලා එවගෙම ඒ අය දන්නවා පව් කරොත් ඉලගට කොහෙද යන්න වෙන්නෙ කියලත්.ඉතින් ඒ නිසා ඒ අය කාටවත් සාප කරන්නේ නෑ.ඉතින් එහෙනම් කතරගම,ගන,කාලි කියන්නේ දෙවියොද යක්ශයොද...? මොකඩ බුදු දහමට අනුව නම් අන්ගවිකල දෙවියන් ඉන්න විදිහක් නෑ.

එහෙනම් මේ ගොඩක් අය හදා ගත්ත මනස්ගාත පස්සේ අපි තාමත් දුවනවා. දෙවියන්ට යැදීම පලක් තියනවද...? නෑ යැදීම පලක් නෑ. ලොකේ තියන ඔක්කොම පව් කර කර දෙවියන් ගෙන් මාව ආරක්ශා කරලා දෙන්න කිව්වට දෙවියන් ආරක්ශා කරන්නේ නෑ. එහෙනම් ඇත්තටම දෙවියන්ගෙන් ආරක්ශාව ලබන්න නම් පින් කරන්න ඒ පින් දෙවියන්ට අනුමොදනා කරන්න.මෙත්තා භාවනාව වඩන්න.මෙත්තා භාවනාවේ තියන එක අනුසසක් තමයි "දේවතා රක්කන්ති" දෙවියන් විසින් ආරක්ශා කරනවා.

හැමටම මෙත් සිත පතුරවන්න එතකොට දෙවියන් ආරක්ශා කරනවා නැතුව බොරුවට දෙවියන්ට යැද්දා කියලා ඇතිවැඩක් නෑ.හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්රාත්නා කරනවා.

ඔබ හිගන්නෙක් වෙනවද...?
ඔබ හිගන්නෙක් නොවෙනවද...?
තීරනය ඔබ අතේ...?

සැමට තෙරුවන් සරණයි...!


Source :

Save our buddhism....!

http://www.facebook.com/group.php?gid=69449637501

4 comments:

  1. රංග, ඔබ ගේ ලිපියෙහි අරමුණ ඉතාම හොඳයි.

    ReplyDelete
  2. Ranga
    That was a very useful point you made... It is the good that you do that will protect you..Lord Buddha preached that the Dhamma will protect the person who indulges in it....

    ReplyDelete
  3. very good keep up your good works

    ReplyDelete
  4. mr.ranga. thanks 4 these programe see to all of us.actually u have the best knowlage for our religion....

    ReplyDelete