සාරධර්ම අධ්‍යාපන මනෝ විද්‍යාව තුළ බහුල වශයෙන් අවධානයට ලක් වෙමින් පවතියි. සාරධර්ම අධ්‍යාපන ක්‍රියාවළියෙන් ස්වායක්ත වූවක් නොවන බවත් හුදෙක් කරුණු ඉගැන්වීම සමඟම සාරධර්ම පිළිබදව කිසියම් වටිනාකමක් ජනිත කිරීම අධ්‍යාපන ක්‍රියාවළියෙහි පරමාර්ථ සාධනයට අදාළව ඉතාමත්ම වැදගත් ස්ථානයක් හිමි කරගෙන සිටීමත් නූතන අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමෙහිලා ප්‍රධානත්වය ගන්නා බව පෙනෙන්ට තිබේ. 1980 ප්‍රකාශිත සමාජ අධ්‍යයනය ඉගැන්වීම පිලිබඳ අත්පොත නැමැති ග්‍රන්ථයෙහි දී අධ්‍යාපන මනෝ විද්‍යාඥ මැක්ලින්ගර් මේ පිළිබඳව පවසන්නේ සාරධර්මවලට මානවයාගේ ඇති බැඳීම අනුව මානව චර්යාවේ පැවැත්ම තීරණය වන බවයි.
කෙසේ වුවත් 1931 තරම් ඈත කාලවකවානුවේ පටන්ම අධ්‍යාපන මනෝ විද්‍යාඥයින්ගේ උනන්දුව සාරධර්ම වෙත යොමුව පැවතිණි. එම කාවකවානුව තුළ දීම ඕල්පොට්, ලින්ඩ්සි හා වර්නන් යන අධ්‍යාපන මනෝ විද්‍යාඥයින් මේ පිළිබදව විවිධ පර්යේෂණ සිදු කර තිබේ. සාරධර්ම පිලිබඳව සඳහන් කරන විට පියාජේගේ සංවර්ධනය න්‍යාය මහත් වැදගත්කමක් ගන්නා පැහැදිලි කිරීමකි. එහිදී සාමානයයෙන් අප සාරධර්ම ලෙස උපකල්පනය කරගෙන සිටින සංකල්ප සැබෑ සාරධර්ම නොවන අයුරු හා එසේම අප විසින් සාරධර්ම නොවන දේ ලෙස උපකල්පනය කරගෙන සිටින යම් යම් සංකල්ප සැබෑ ලෙසම සාරධර්ම වන ආකාරය මනාව සාකච්ඡාවට බඳුන් කර තිබේ. අධ්‍යාපන මනෝ විද්‍යා න්‍යායන් තුළ බහුලව සාකච්ඡාවට ගැනෙන පියාජේගේ පර්යේෂණ ඔස්සේ යමින් තවත් එම පර්යේෂණ ඉදිරියට සංවර්ධනය කරමින් 1958 දී කොල්බර්ග් විසින් තව සිද්ධාන්ත හා න්‍යායන් එකතු කරන ලදී. එහි දී කොල්බර්ගේ ජනප්‍රිය හෛන්ස් උභතෝකෝටිකය පිළිබඳව න්‍යාය මඟින් සාරධර්මවල අන්තර්ගත විවිධ පැතිකඩ පිලිබදව අති සියුම් සාකච්ඡාවකට මිනිසු මනස යොමු කරනු ලබයි. කොල්බර්ග් විසින් මෙහි දී පෙන්වා දෙනු ලබන්නේ සාරධර්මවල ස්වරූපයෙන් පහළවිය හැකි ව්‍යාජ සාරධර්ම පිළිබඳව නිසා මුළාවට පත්වන පුද්ගලයින් ඒවා සාරධර්ම සේ සලකා ක්‍රියා කිරීම නිසා සමාජයෙහි සාමූහික පැවැත්ම කඩවීමකට ලක්විය හැකි බවයි. අධ්‍යාපන මනෝ විද්‍යාව තුළ පුද්ගලයින් තුළ පහළ විය හැකි සාරධර්ම ස්වරූපයෙහි එහෙත් සාරධර්ම නොවන ආකල්ප පිලිබදව මෙහි දී විමසා බැලීමක යෙදෙයි.
සාරධර්ම වශයෙන් මතුපිටින් පෙනෙතත් එසේ නොවන අගතිගාමී මානසික ආකල්ප නිසා ඇතැම් අවස්ථාවල දී මිනිසුන් මුළාවට පත් වේ. ඒ එකී ආකල්ප සාරධර්ම ලෙස කල්පනා කිරීමට යෑම නිසාය. සාරධර්ම නොවෙතත් මෙවැනි ආකල්ප සිතට දැනෙන්නේ සාරධර්ම වශයෙනි. එනිසා මේවා ව්‍යාජ සාරධර්ම ලෙස දැක්විය හැකිය. සද්ධර්මයෙහි මෙවැනි සාරධර්ම අර්ථ දැක්වෙන්නේ වඤ්චක ධර්ම යන නාමයෙනි. මෙවැනි ආකල්ප ඇතිවීමට හේතුව සාරධර්ම බුද්ධිමය අවබෝධය තුළින් නිරායායෙන් පහළවීමට අවකාශ නොදී අයාසයෙන් ඇතිකර ගැනීමට යාමේ දී පුහුදුන් පුද්ගලයින් තුළ නිරායාසයෙන්ම ඇති යටට ඔබන ලද සෘණාත්මක ආකල්ප සාරධර්ම වේශයෙන් සිත මතුපිටට පැමිණ ක්‍රියාත්මකවීමයි. ඒ අයුරින් සිත තුළ ක්‍රියාත්මක වන සාරධර්ම වේශය ගත් සෘණෘත්මක ආකල්ප මැනවින් දැන හඳුනා ගැනීමට පුහුදුන් මිනිස් සිතට එක්වරම අපහසුය.
සාරධර්ම ස්වභාවය අඟවන්නේ ව්‍යාජ ලෙස බැවින් මෙම ව්‍යාජ සාරධර්ම එක ආකාරයකට මිනිස් සිතට කරනු ලබන හානිය ක්ෂණිකව නිවැරදිව තක්සේරු කිරීමට තරමක් අපහසුය. ව්‍යාජ සාරධර්ම නිසා මුළාවට පත් වූ මිනිසුන් සමාජය තුළ කටයුතු කිරීමේ දී අනෙක් අය පවා ඔවුන් කටයුතු කරන්නේ සැබවින්ම සාරධර්ම ආකල්පවලින් බව සිතා ඒ අය යහපත් පුද්ගලයන් සේ දැකීමට පෙළඹෙති. මෙහි ඇති අනෙක් වැදගත්ම කරුණ නම් මෙකී පුද්ගලයන් පවා අවංක ලෙසම තමා තුළ ඇති ව්‍යාජ සාරධර්ම සත්�
�� සාරධර්ම ලෙස විශ්වාස කිරීමට පෙළඹීමයි. තමා ව්‍යාජ සාරධර්මවලින් මුළා වී ඇති බවක් වත් මොවුහු නොදනිති. තමන් සැබවින්ම යහපත් ඉතා සාධාරණ සාරධර්ම වලින් පිරිපුන් පුද්ගලයන් සේ මොවුහු සිතා ඒ අනුව ක්‍රියා කරති. එක අතකට ව්‍යාජ සාරධර්මවලින් මුළාවට පත් වූ තැනැත්තන් කුහක පුද්ගලයන් සේ සිතා කටයුතු කිරීමට ව්‍යාජ සාරධර්ම මැනවින් හඳුනා ගනු ලබන අය පෙළඹෙනු දක්නට ලැබේ. මේ ආකල්පය කෙතරම් දුරකට ��
�ිවැරදි දැයි කිව නොහැක්කේ ව්‍යාජ සාරධර්ම මඟින් වශීකෘත වන පුද්ගලයා පවා තමා සැබවින්ම වසඟව ඇත්තේ සැබෑ සාරධර්මයකට නොව සාරධර්ම අනුරූ ව්‍යාජ සංකල්පයකට බව නොදැන ඒ අනුව කටයුතු කිරීමට පෙළඹෙන හෙයිනි. ඒ නිසා ව්‍යාජ සාරධර්ම නිසා ඉන් මෝහනය පත්වන පුද්ගලයන් සැබවින්ම අහිංසක පුද්ගලයන් බව ද ඔවුන් විසින් මෙහෙයවන ලද ව්‍යාජ සංකල්පයට අනුකූල ලෙස රූකඩ බවට පත්වීම විනා ඔවුන්ගෙන් සිතා මතා සිදුව�
�� දෙයක් නොමැති බව ද පෙනී යන කරුණකි.
කල්පනාකාරීව නිරීක්ෂණය කළහොත් වර්තමාන සමාජයෙහි බොහෝ පුද්ගලයින් තුළ විද්‍යමාන සියුම් මානසික දුර්වලතා බොහොමයක් ඇති වනුයේ හුදෙක් ඒකී පුද්ගලයන්ගේ වරදින් නොව ඒ පුද්ගලයින්ව මෝහනය කරගනු ලබන මෙබඳු ව්‍යාජ සාරධර්ම නිසා බව පැහැදිලිව ම පෙනී යයි. ඇතැම් අවස්ථාවල දී සමාජයෙහි අන්‍යයන්ගේ හාස්‍යයට උපහාසයට පරිහාසයට ලක් වන යම් යම් මානසික ගති හා චරිත ලක්ෂණ ඇති බොහෝ දෙනෙක් තමන් තුළ මෙබඳු ��
�්‍යාජ සාරධර්ම ක්‍රියාත්මක වන බවක් අවබෝධ කරගැනීමට අසමත් වෙති. නමුත් සමාජයෙහි වෙනත් පුද්ගලයින් බාහිරව එබඳු තැනැත්තන් නිරීක්ෂණය කොට චිත්ත අභ්‍යන්තරයෙහි නිදන්ගතව ඇති පහත් ආකල්ප සහිතව හිඳිමින් ඒවා නොපෙන්වා කුහක වතක් අනුගමනය කරන හා එනිසාම තමාගේ පහත් ආකල්ප උසස් ලෙස හුවා දැක්වීමේ ව්‍යාජ උසස්කම් ආරෝපණය කරගනු ලැබූ මිනිසුන් ලෙස මොවුන්ව ගර්භාවට හා අවමානයට පාත්‍ර කරති. සාරධර්ම �
��ිළිබඳ වඩා සුලබ ලෙස සාකච්ඡාවට ලක් කෙරන ස්ථාන, පුද්ගලයන් හා අවස්ථා ඇසුරෙහි කාලය ගතකිරීම තමා තුළ ද සාරධර්ම ප්‍රක්ෂේපණයවීමට කදිම මඟක් ලෙස සිතන සමහර අය ප්‍රායෝගිකව ස්වකීය චිත්ත අභ්‍යන්තරගත සාරධර්ම සංස්කරණ ගනුදෙනුවක නොයෙදී සාරධර්ම වලින් පිරිපුන් පුද්ගලයින් ලෙස සිතා කටයුතු කිරීමට යාමේ දී ඇතැම් අවස්ථාවලදී ඔවුන් නොදැනුවත්වම තමන්ගේ සිත් සතන් තුළ ගැබ්ව ඇති සංස්කරණය හා මෝචනය න
ොකරන ලද අහිතකර සෘණාත්මක ආකල්ප සම්පර්කයට ස්වයංක්‍රීයව නතුවීම, මාර්ග ඥාණයෙන් පහ නොකළ ව්‍යාජ සාරධර්ම නිසා සිදු වේ.
ඇතැම් දෙනෙක් සාරධර්මවලට හා සමාජය සුමඟට යොමු කරවීම පිණිස කතිකාවල නියැළෙන හොඳ ගති ගුණ වලින් සමන්විත අය පහතට දමා ඔවුන්ගේ උසස් පරමාර්ථවලට නිගරුවන ලෙස ස්වකීය තර්කන හැකියාව හා කූට බුද්ධිය මෙහෙයවා ක්‍රියා කිරීම ස්වකීය සුවිශේෂී සමර්ථතාවයක් විදහා පෙන්වීමක් ලෙස වරදවා තේරුම් ගෙන සිටිති. තමන්ගේ කපටි මොළය තමන්ට පෙන්වන මායාව සත්‍යයක් ලෙස වරදවා වටහා ගැනීමට උත්සහ දැරීම සියතින්ම ගෙළ �
��ිඳ ගැනීමක් හා සමාන වූ ආධ්‍යාත්මික අඳ බාල ක්‍රියාවකි. ඉතා බහුල ලෙස ආගමික සදාචාරය අගයන රටක මෙතරම් අපරාධ හා දූෂණ වැඩිවීමට හේතුව එකී ආගමික සංස්ථාව මඟින් සමාජයට ව්‍යාප්ත කෙරෙන සාරධර්ම නිසි ඇගයුම්ශීලී ප්‍රමිතියක පිහිටා නොතිබීම බව තර්කානූකූලව ඔප්පු කිරීමට දරණ වෑයම තුළ ගැබ් වන්නේ සාරධර්ම වර්ධනයෙහිලා මහත් සේ ප්‍රොහොත්සාහී වන ආගමික සංස්ථාවෙහි එකී ශ්‍රේෂ්ඨ කාර්යභාරය ස්වකීය පට
ු පරමාර්ථවලට අනුව ලඝුකොට සැලකීමකි.ඒ හැරුණු කොට ආගමික සංස්ථාවට අයත් විවිධ ආගමික ඉගැන්වීම් තුළ අන්තර්ගත එකී ශාස්තෘවරුන්ගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ යම් යම් පුරා විද්‍යාත්මක හා ඓතිහාසික තොරතුරුවල ගැබ්වන සාහිත්‍යමය වටිනාකම පසෙක තබා එය අනවශ්‍ය දාර්ශනික විවරණවලට ලක් කොට සියළු ආගමික ඉගැන්වීම්හි අන්තර්ගත සාරධර්ම අසත්‍ය හා මනඃකල්පිත ප්‍රබන්ධ බවට එයට හේතු සාධක කොට පෙන්වමින
් තමා තුළ ඒ පිළිබඳව ඇති නොදැනීම හා මෝහය ප්‍රඥාව ලෙස වරදවා තේරුම් ගෙන උදම්වීම පවා තමා තුළ නොමැති ව්‍යාජ සංකල්ප සාරධර්ම ලෙස සිතා ඉන් මුළාවට පත්වීමකි. එසේම පුද්ගල ආකල්ප පිළිබඳව බුද්ධිමය කතිකාවතක දී ඊට අදාළ පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික වතගොත ද ඈඳා ගෙන අදාළ ප්‍රස්තුත මාතෘකාව කිසියම් විකෘති කිරීමකට ලක්කොට ඉන් තමාගේ මතවාදයට වාසි ලබා ගැනීමට තැත් කිරීම තුළ ද කෙසේ හෝ ස්වකීය මතයම ජයග
්‍රහණය කරවීමේ පටු චේතනාව ක්‍රියාත්මක වේ. හොඳින් සැලකිල්ලට ගෙන නිරීක්ෂණය කළහොත් මිනිසුන් බොහෝ දෙනෙක් තමා තුළ ඇති මෙකී ව්‍යාජ සාරධර්ම නිසා මුළාවට ලක්ව කටයුතු කරන ආකාරය පැහැදිලිවම දැකගත හැකිය.
සාරධර්මයක් ලෙස මතුපිටින් පෙනී හිඳිමින් සාරධර්මවලට වඩා වෙනස් හා ප්‍රතිවිරුද්ධ කාර්යභාරයක් ඉටු කරන ව්‍යාජ සාරධර්ම නම් සෘණාත්මක සංකල්පයි. ව්‍යාජ සාරධර්ම සඳහා බලපානු ලබන චිත්ත සංකල්ප රාශියක් ඇත. මේ සංකල්ප අතරින් ලෝභය ද සිතෙහි ව්‍යාජ සාරධර්මයක ස්වරූපයෙන් හටගනු ලබන සංකල්පයකි. ලෝභය නමින් හඳුන්වනු ලබන්නේ කිසියම් අරමුණක සිත ඇලීමට පත්කරවන ස්වභාවයෙහි වූ මානසික ආකල්පයි. අකුසල්
සිත් අතර ලෝභ මූල සිත් අටෙහි විශේෂ වශයෙන්ම හටගනියි. නොලැබූ සැප සම්පත් ලැබීමට ප්‍රාර්ථනා කිරීමත්, ඒ සදහා වෑයම් කිරීමත්, එලෙස සැබූ සම්පත් ආරක්ෂා කර ගැනීමත්, කෙසේ හෝ සැප විඳීමේ දැඩි ආශාවත් හටගනු ලබන්නේ ලෝභයෙහි බලපෑම නිසාය. මෙලොව තමන් විසින් ප්‍රිය කරනු ලබන පුද්ගලයන් හා වස්තු විෂයෙහි සිතට දැනෙන ලෝලන ස්වභාවය හෙවත් අලවන්නා වූ ස්වරූපය ලෝභය නිසා සිදු වේ. ස්වභාවයෙන් ප්‍රිය අරමුණවල��
� ආකර්ශණයවීම මිනිස් සිතෙහි සහජයකි. එය සහජයක් වූ පමණින් වඩ වඩාත් සිත ප්‍රයත්න දරා ඒ දෙසට නැඹුරු කරවීම පිණිස ව්‍යාතිරේක සිතිවිලි පහළ කරගැනීම සංකල්පනා වේ. මේ අනුව කාම හෙවත් අරමුණෙහි ප්‍රියශීලී බවට ව්‍යතිරේකව සංකල්ප පහළ කරගැනීම කාම සංකල්පනා වේ. බුදුරජාණන් වහන්සේ විසින් “සංකප්ප රාගො පුරිසස්ස කාමො” ලෙස විග්‍රහ කර ඇත්තේ මේ තත්වයයි.
මෙලොව සිටින පරාර්ථකාමී උතුම් සත්පුරුෂයෝ ආත්මාර්ථකාමී බව පසෙක ලා දිවා රාත්‍රී නොබලා අන්‍යයන්ගේ යහපත තකා කටයුතු කරති. එය බුද්ධ, පච්චෙක බුද්ධ, අර්හත් උතුමන් ආදී කලණ්‍යාණ මිත්‍ර සත්පුරුෂයින්ගේ උසස් උදාරතර කල්පනාවකි. ඉන් මෙපිට සාමාන්‍ය මිනිසුන් අතර සිටින යහපත් පුද්ගලයන් පවා අනුන්ගේ යහපත් වෙනුවෙන් කැපවීම පරාර්ථකාමී බවයි. පරාර්ථකාමී පුද්ගලයෝ තමන් සිදු කරන සමාජ සත්කාරය වෙනු
වෙන් කීර්ති, ප්‍රශංසා, ගරු බුහුමන්, ලාභ සත්කාර, තනතුරු අපේක්ෂා නොකරති. හුදෙක් ස්වකීය වෑයම පරාර්ථ සුභ සිද්ධිය සැලසීම පමණක් කොට කටයුතු කරති. කීර්ති, ප්‍රශංසා වැනි දේ ලැබීම පිණිස අන්‍යයන්හට යහපත සිදු කිරීම පරාර්ථයක් නොව එය ආත්මාර්ථය සපුරා ගැනීමකි. එලෙස කිරීම එක් අතකින් ලෝකයා රැවටීමක් ද වේ. කීර්ති, ප්‍රශංසා, ලාභ, සත්කාර, සම්මාන ආදිය ලබනු පිණිස පරාර්ථය සිදු කිරීම ලාමක පහත් ක්‍රිය
ාවක් බව සලකන පරාර්ථකාමී පුද්ගලයින් ඉන් වැළකී සිටීමට වෑයම් කරනු ලබයි. එබදු ලාමක අදහස් ස්වකීය සිත් සතන්හි ඇති වන්නට ඉඩ නොදී සිත එවැනි අදහස්වලින් වලක්වා ගනිති. පුහුදුන් ස්වභාවය ඉස්මතුවීමෙන් පසුව කීර්ති, ප්‍රශංසා ලබාගැනීමේ ලෝභය වෙනත් ස්වරූපයකින් එකී පුද්ගලයින්ගේ සිත් සකන්හි පහළ වේ. ඉන් පෙර නොපැවති පරාර්ථකාමී බවක් ඇති වේ. පෙර දී පිළිකුල් කළ බැහැර කළ ලෝභය පරාර්ථකාමී ව්‍යාජ ව��
�ශයෙන් සාරධර්මයක් සේ එකී පුද්ගලයන්ගේ චිත්ත සන්තානය තුළ පහළ වීම නිසා ඒ පුද්ගලයෝ තමන්ගේ එකී සිතිවිලි වලට වසඟ වෙති. මෙයින් වන්නේ පරාර්ථකාමී බව යන සාරධර්මයෙහි ව්‍යාජ වේශයෙන් ආත්මාර්ථකාමී බව නැමැති සෘණාත්මක සංකල්පය සිත තුළ ක්‍රියාත්මක වීමයි. මෙම ව්‍යාජ සාරධර්මය පරාර්ථකාමතා වේශයෙන් පහළ වන වඤ්චක ලෝභය ලෙස අර්ථ දක්වනු ලැබේ. මෙසේ වන්නේ තමන් විසින් සිදු කරනු ලබන පුණ්‍ය හා කුසල කට��
�ුතුවල විපාකය කෙරෙහිම ඇලී ගැලී ඒ කෙරෙහිම සිත යොදවා ක්‍රියා කිරීමට පුද්ගලයින් උත්සුක වීම නිසාය.
දාතුකාමතා යනු පරිත්‍යාග කිරීමේ ඇති කැමැත්තයි. එය කුශලච්ඡන්දයක් වේ. මෙහි දී ලෝභය යන සෘණාත්මක සංකල්පයට ප්‍රතිවිරුද්ධ ආලෝභ චෛතසිකය හෙවත් ධනාත්මක සංකල්පය ක්‍රියාත්මක වේ. පරිත්‍යාගය අනිවාර්යයෙන්ම පුණ්‍ය හා කුශල කර්මයකි. එහෙත් ස්වල්ප දෙයක් ලබා දී ඊට ප්‍රතිඵලය ලෙස බොහේ දේවල් බලාපොරොත්තුවීම හා අන්‍ය පුද්ගලයින් තමාට අවනත කරවා ගැනීම යන පටු අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක වන විට බ��
�හෙවින් ලෝභ චෛතසිකය, දාතුකාමතා යන කුශලච්ඡන්දයෙහි ස්වරූපයෙන් පුද්ගල චිත්ත සන්තානය තුළ පහළ වේ. එයින් එකී පුද්ගලයයෝ මුලාවට පත්වෙති. පුණ්‍ය හා කුශල සිතිවිල්ලකැයි සිතමින් ලෝභ චෛතසිකයට රැවටෙති. පරිත්‍යාගය කුශලයක් බවට පත්වන්නේ අලෝභය, මෛත්‍රිය, ප්‍රඥාව යන කුශල චෛතසිකයන්ගෙන් යුක්තව එකී ක්‍රියාව සිදු කරන විටක පමණි. මෙහි දී ව්‍යාජ සාරධර්මයක් ලෙස දැක්වෙන්නේ දාතුකාමතා වේශයෙන් උපද
ින වඤ්චක ලෝභයයි. සැබෑ සාරධර්මයක් වූ අලෝභයෙහි ස්වරූපයෙන් මෙහිදී ලෝභය හටගනියි.
අන්‍යයන් විසින් තමන්ට කරන ලද උපකාරය අමතක නොකිරීමත්, කළ උපකාරයට පෙරළා ප්‍රතිඋපකාර කිරීමත් කෘතඥතාවය ලෙස හැඳින්වේ. එය බුද්දාදී උතුමන් විසින් ප්‍රශංසා කරන ලද පුරාතන ධර්මතාවයකි. කළගුණ සළකන පුද්ගලයන්හට උපකාර කළ අය එකී තැනැත්තන්ගේ ගුණය නිසාම පහදිති. ඒ බැව් දන්නා දූ දරු ශිෂ්‍ය ආදීන් තුළ මව් පිය ගුරුවරු ආදීන්ගෙන් ලාභ සත්කාර ප්‍රයෝජන ලබා ගැනීමේ ආශාව වූ ලෝභය කෘතඥතා වේශයෙන් පුද්ගල
චිත්ත සන්තානය තුළ පහළ වේ. එය ස්වකීය කෘතඥතා ගුණය ලෙස වරදවා හැඳින මුළා වූ සිතින් යුක්තව සාරධර්මයක් වූ අලෝභයෙහි මතුපිට පැහැයෙන් යුක්තව එන ලෝභයෙන් යුක්තවම මව් පිය ගුරුවරු ආදීන්ට සත්කාර කරති. මෙයින් ඔවුන් පමණක් කොව මව් පිය ගුරුවරු ආදී ඔවුන්ගේ සත්කාරයන්ට පාත්‍ර වන අවශේෂ අය ද ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් මුලාවට පත්වෙති. මෙය සැබෑ අලෝභ සාරධර්මයෙහි වේශයෙන් පැමිණෙන වයාජ සාරධර්මයකි. එම ��
�ිසා මෙම ව්‍යාජ සාරධර්මය කෘතඥතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස හැඳින් වේ.
අපචිති කාමතා නම් ගරු කළ යුත්තන්හට ගරු බුහුමන් කරනු කැමැත්තයි. එය කුශලච්ඡන්දයක් වේ. මව් පිය ගුරුවරු ආදී ගරු සත්කාර දැක්විය යුතු පුද්ගලයන්හට ගරු බුහුමන් කිරීම උතුම් ගුණයකි. ඔවුන් සතුටට පත්වීමෙන් ඔවුන්ගෙන් විවිධ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලැබේ. ඒ බැව් වටහාගන්නා දූ දරු ශිෂ්‍ය ආදීන් විසින් මව් පිය ගුරුවරු ආදීන්ගෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගැනීමේ අරමුණින්ම යුතුව ලෝ��
�ය සිත්හි පහළ කරගෙනම ඔවුන්හට ඇප උපස්ථාන සිදු කරති. ලෝභයෙන් යුක්තව සිදු කරන කටයුත්තක් බැවින් එවා උසස් සාරධර්ම ලෙස හැඳින්විය නො හැක. එය ඤෘතඥතා සාරධර්මයෙහි වේශයෙන් ඇතිවන ව්‍යාජ සාරධර්මකි. මෙම ව්‍යාජ සාරධර්ම අපචිති කාමතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස හැඳින්වේ.
අනුකූලතාවය නම් මව් පිය ගුරුවරු ආදීන්හට කීකරු වන ස්වභාවයයි. කීකරු ශිෂ්‍යයාට හා දරුවාට මව් පිය ගුරුවරු බෙහෙවින් අනුකම්පා කරති. ඒ කාරණය දත් ඇතැම් පුද්ගලයින් තුළ මව් පිය ගුරුවරු ආදීන්ගෙන් ලැබෙන ඇප උපකාර ලබාගැනීමේ ලෝභය අනුකූලතා වේශයෙන් පහළ වේ. මෙයින් රැටීමට පත්වන සමහර පුද්ගලයින් තමන්ගේ කීකරු බවක් අනුකූලතාවයක් නැතත් කීකරු හා අනුකූල බවක් මතු පිටින් ප්‍රදර්ශනය කරති. මෙය කීකරු �
��ව නමැති සාරධර්මයෙහි පැහැය හා හැඩය පෙන්වමින් ඊට අනුකූලව සිත තුළ ඊට ප්‍රතිවරුද්ධව පහළවන ව්‍යාජ සාරධර්ම සංකල්පයක් වන ලෝභය නැමැති සෘණාත්මක ආකල්පය නිසා ඇතිවන බැවින් මෙම ව්‍යාජ සාරධර්මය අනුකූලතා වේහයෙන් පහළ වන වඤ්චක ලෝභය ලෙස අර්ථ දැක්වේ.
ප්‍රියවාදිතා නම් ප්‍රිය වචනයෙන් කථා කරන ස්වභාවයයි. ප්‍රිය වචනයෙන් කතා කරන පුද්ගලයාහට හැම දෙනම ප්‍රිය කරති. ආදරය කරති. අන්‍යයින්ගේ සිත් ඇඳ ගැනීමට අවනත කරගැනීමට ප්‍රිය වචන කථා කිරීම හොඳ විධි ක්‍රමයකි. ඒ කරුණ දත් සමහරු අන්‍යයන් සතුටු කරවා විවිධ ලාභ සත්කාර ප්‍රයෝජන ලබා ගැනීමේ ලෝභ චේතනාව පෙරදැරිව ප්‍රිය වදන් භාවිතා කරති. සමහරු කෙනෙකුගේ යම් කිසි වරදක් දුටුවත් එය නොකියා මූණිච්��
�ාවට හොඳ කියති. වරදක් දුටු වීට ඒ බව නොසඟවා පවසන්නේ ඒ වරද නිවැරදි කරගැනීම පිණිස අවස්ථාවක් ලබා දීමටය. එය මෙත්තා වචී කර්මයකි. නමුත් වරද වරද බව නොපවසා හොඳම පවසනු ලබන්නේ මෛත්‍රී පූර්වක චේතනාවෙන් නොව ප්‍රිය වදනෙහි ස්වරූපය සහිත ව්‍යාජ සාරධර්මයන්ට මුළාවීම නිසාය. ප්‍රිය වදන් භාවිතා කළ යුත්තේ කරුණාව,මෛත්‍රිය වැනි මානව සංවේදී සාරධර්ම ආකල්ප පෙරටු කරගෙන වුවත් ලෝභය වැනි සෘණාත්මක ආකල්ප
පෙරටු කොටගෙන ප්‍රිය වචන භාවිතා කිරීම උසස් සාරධර්ම ලක්ෂණයකැයි සැලකීමට අපහසුය. ප්‍රිය වචනවල පැහැයෙන් සිත තුළ උපදින ව්‍යාජ සාරධර්මක් වන මෙය ප්‍රියවාදිතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය අර්ථ දැක්වේ.
නෛෂ්කම්‍ය කාමතා නම් ගිහි ගෙය හැර දමා පැවිදි වෙනු කැමති බවයි. පස්කම් සැප හැර දැමීමට සිත තුළ පහළ වන කුශල පාක්ෂික චේතනාවයි. සාමාන්‍ය මහජනතාව සිල්වත් ගුණවත් නැණවත් භික්ෂූන්හට බොහෝ සේ ගරු බුහුමන් සත්කාර සම්මාන පවත්වති. එය දකින ඇතැම් ගිහි පුද්ගලයින් තුළ පැවිදිව සැප සම්පත් ගරු බුහුමන් පුද සත්කාර ලැබීමේ ලෝභ චේතනාව නෛෂ්කම්‍ය කාමතා වේශයෙන් පහළ වේ. එයට රැවටුන මෙම ගිහි පුද්ගලයින් සස�
��ට කළකිරුණු ස්වභාවයක් අඟවා පැවිදි වීමට උත්සහ කරන්නේ තමා තුළ සැබවින්ම ඇත්තේ නෛෂ්කම්‍ය කාමතා සාරධර්මය යැයි සිතා ගෙනය. පැවිදි බව ලැබීමේ මූලික අභිප්‍රාය අපිරිසිදු බැවින් පැවිද්ද සාර්ථක කරගැනීමට ද මොවුහු අසමත් වෙති. ගුණ ධර්ම වර්ධනය කරගැනීමට හා සසරින් එතෙරවීමට භික්ෂුත්වය ලැබීම අනිවාර්ය නොවේ. කිසියම් ශිල ප්‍රතිපදාවක පිහිටා සිල්වත්ව කටයුතු කර සමාධිය හා ප්‍රඥාව උපදවා ගැනීමට ��
�ැකිය. විදර්ශනා ඥාණය උපදවා එම ඥාණය මාර්ග ඥාණය දක්වා වර්ධනය කරගැනීමට පවා ශීලයක පිහිටීම උපනිශ්‍රය වේ. ශිල ප්‍රතිපදාව ඔස්සේ කටයුතු කරන මෙවන් අය උපාසක හා උපාසිකා ලෙස බෞද්ධ සිව් වනක් පිරිස අතරෙහි බෙහෙවින් සම්මානයට පාත්‍ර වේ. බෞද්ධ ප්‍රතිපදාව සම්පූර්ණ කරගැනීම පිණිස එසේ අල්පේච්ඡව කටයුතු කළ හැකිව තිබිය දී මහත් සේ පුහු ඝෝෂා කරමින් උපසම්පදාව හෝ භික්ෂූත්වය ලබාගැනීමේ පරමාර්ථය හුදෙ
ක් ස්වකීය පෞද්ගලික කීර්තිය සුරක්ෂිත කරගැනීමට බව හොඳින්ම වැටහෙන්නේ එවන් උදවිය එය දැඩි සේ ඉල්ලා සිටීම නිසාය. ඇතැම් විටක පැවිද්ද ලබා දීමට බුදුරදුන් විසින් පණවා ඇති විනය නීති රීති හරස් විය හැකිය. එවන් අවස්ථාවල දී විනය ව්‍යාවස්ථාවට පරිබාහිරව කෙසේ හෝ පැවිද්ද ලබා ගැනීමට වෑයම් කරති. ථේරවාදයෙන් ලබාගත නොහැකි වූ දෙය මහායානයෙන් හෝ ලබා ගැනීමට උත්සුක වෙති.ඒ පිණිස මුදල් හදල් ඥාතී මිත්�
��ර සබඳතා වැනි විවිධ අයථාක්‍රම භාවිතා කිරීමට තරම් සැහැසි වෙති. සමහරු කෙසේ හෝ පැවිදි බව ලැබීමම තමන්ගේ එකම අභිලාෂය කරගැනීම කොට සලකා ක්‍රියා කරති. තමන්හට පැවිද්ද ලබාදීමට ධර්ම විනයානූකූලව අපහසුම නම් ඒ බැව් බොහෝම විනීතව අදාළ නිකායන්හි මහ නායක ස්ථවිරයන් වහන්සේලා විසින් ප්‍රකාශ කළ විටක උන්වහන්සේලා කෙරෙහි පවා අහේතුකව උරණ වෙති. උන් වහන්සේලාහට අපහසුතා ඇතිවන විවිධ ප්‍රකාශ ප්‍රසිද
්ධියේ සිදු කිරීමට තරම් අතිධාවනකාරී ද වෙති. මේ තත්වය බෞද්ධ භික්ෂුත්වය සම්බන්ධයෙන් සේම අනෙකුත් ආගම්වල පූජක වරය සම්බන්ධයෙන්ද විද්‍යමාන විය හැකිය. ඒ පූජ්‍යත්වය හෝ පූජක බව එක්තරා ආකාරයකට සමාජමය ආභරණයක් සේ මේ අය කල්පනා කර හෙයිනි. ඇතැම් විටක එය ස්වකීය සම අයිතිවාසිකමක ස්වරූපයෙන් තමන්ට ලැබිය යුත්තකැයි විශ්වාස කිරීමට පවා මෙවන් අය පසුබට නොවෙති. සමාජයෙහි වෙනත් ස්ථානවල දී තමන්හට හි
මිවිය යුතු සම අයිතිය පූජ්‍ය හෝ පූජක වරය සම්බන්ධයෙන් ද හිමිවිය යුතුම අනිවාර්ය දෙයක් ලෙස මොවුන් විසින් උපකල්පනය කරන බව දක්නට ලැබේ. නමුත් තමා තුළ සැබවින්ම ඇත්තේ නෛෂ්කම්‍ය කාමතා ස්වරූපයෙන් ඇති ව්‍යාජ සාරධර්මයක් බව මොවුහු නොදනිති. මෙම ව්‍යාජ සාරධර්මය නෛෂ්කම්‍ය කාමතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස දහමේ අර්ථ දක්වා තිබේ.
විවිධ ආගමික ඉගැන්වීම්වල සඳහන් වන සාරධර්ම අන්‍යයන්හට කියාදීම ධර්ම සන්නිවේදනය ලෙස අර්ථ දැක්විය හැකිය. බෞද්ධ ඉගැන්වීම් අනුව පවා ධර්ම දේශනා කිරීම උතුම් ගුණයක් ලෙස සඳහන් කර ඇත. “ සබ්බ දානං ධම්ම දානං ජිනාති” යන්නෙන් අදහස් වන්නේ සියළුම දානයන් අතර ධර්ම දානයම ශ්‍රේෂ්ඨ බවයි. මක්නිසාද යත් ඕනෑම ආගමික ඉගැන්වීමක් සම්බන්ධයෙන් වුවත් සාමාන්‍ය මිනිසුන්හට එකී ආගමෙහි කියැවෙන සාරධර්ම පිල�
��බදව සන්නිවේදනය කිරීම මිනිසුන් තුළ එකී සාරධර්ම වර්ධනය කිරීමට ඉතා විශාල අනුබලයක් සැලසෙන බව එකී ආගම් කතෘවරුන් හා ශාස්තෘවරුන් විසින් පිළිගෙන ඇති හෙයිනි. ධර්ම සන්නිවේදනය තාක්ෂණික අතින් දියුණු වර්තමාන සමාජය තුළ දේශනා මාධ්‍යයෙන් මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් ජන සන්නිවේදන මාධ්‍යයන් තුළින් ද වඩා පහසුවෙන් එමෙන්ම වඩාත් විශාල පිරිසකට එක්වර සන්නිවේදනය කළ හැකිය. එලෙස ධර්මය සන්නිව�
��දනය කිරීමට ස්වකීය සම්පත් දායකත්වය සපයන පුද්ගලයන්හට අන්‍යයන්ගේ කීර්ති, ප්‍රශංසා, ලාභ, සත්කාර, තුටු පඬුරු, මිළ මුදල්, පුද, පූජා වැනි විවිධ භෞතික දේ ලැබේ. එවැනි ලාභ සත්කාර කීර්ති, ප්‍රශංසා ලබා ගැනීමේ පටු හැඟීම් ඇති පුද්ගලයාගේ චිත්ත සන්තානය තුළ ලෝභය ධර්ම දේශනා කාමතා වේශයෙන් පහළ වේ. ධර්ම සන්නිවේදයෙහි දී හෝ සන්නිවේදන මාධ්‍යයන්හි දී පවා බොහෝ විට අන්‍යයන් පරයා යන තරඟකාරීත්වය විද්�
��යමාන වන්නේ එහෙයිනි. එයට මුළාවූ ඇතැම් අය ධර්ම සන්නිවේදයෙහි යෙදෙමින් සිදු කරන්නේ එකී ධර්ම සන්නිවේදයෙහි මුවාවෙන් ස්වකීය ලාභ සත්කාර භෞතික සැප සම්පත් ලැබීමේ කාර්යය ඉටු කරගැනීමයි. නමුත් හුදෙක් නිස්සරණාධ්‍යාශයෙන්ම එවන් මහඟු සත් කාර්යයෙහි නියැළෙන උතුම් බෝසත් පුද්ගලයන් වර්තමාන සමාජයෙහි නොමැති යැයි හෝ දැනටමත් එවන් සමාජ සත්කාර්යයක් සිදු කරන්නා වූ එවන් උදාර පුද්ගලයන්හට නිගර
ු කිරීමක් මෙයින් සිදුවෙතැයි වරදවා නො වටහාගත යුතුය. මෙකී ස්ථාන ඉතාමත්ම සියුම් බැවින් එක්වරම තේරුම් ගැනීම මඳක් දුෂ්කරය. ධර්ම දේශනා කාමතා කුසලච්ඡන්දයෙහි ස්වරූපයෙන් පහළ වූ ලෝභය විසින් මෙහෙයවනු ලැබු පුද්ගලයන්ගේ ධර්ම සන්නිවේදනය අවංක නැත. ශුද්ධ ධර්ම සන්නිවේදනයක් ලෙස එය පිළිගත නොහැක. සාමාන්‍ය මහජනතාව සුවර්ග මෝක්ෂ මාර්ගයෙහි පිහිටුවාලන උතුම් අපේක්ෂාවක් එබඳු පුද්ගල චිත්ත සන්ත
ානයක පහළ නොවේ. මෙය ධර්ම සන්නිවේන සාරධර්ම ස්වරූපයෙන් සිත් තුළ පහළවන ව්‍යාජ සාරධර්මයකි. මෙය ධර්ම දේශනා කාමතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස දහමේ හඳුන්වා දී තිබේ.
අනුන්ගේ දුක දැක හදවතෙහි පහළ වන අනුකම්පාව කරුණාවයි. එය දුක්ඛිත සත්වයින් අරමුණු කරගෙන පහළ වේ. කරුණාව දැක්වීමේ ස්වරූපයෙන් අන්‍යයන්ගේ සිත් සතුටු කර එමඟින් ලාභ සත්කාර සම්මාන විවිධ ප්‍රයෝජන ලැබීමේ ලෝභ චේතනාව සමහර අවස්ථාවන්හි ලෝභ වේශයෙන් පහළ වෙයි. එය පිරිසිදු කරුණාව නොවේ. ඇතැව්ටක ධනවත් පුද්ගලයෙකු රෝගීව සිටින විට එකී වස්තුව කෙරෙහි තෘෂ්ණාව නිසා ඒ පුද්ගලයාහට කරුණිකව සැලකිය හැකි
ය. මෙය පිරිසිදු කරුණාව නොව කරුණා ස්වරූපයෙන් මතුවන ව්‍යාජ සාරධර්මයකි. ඇතැම් දූ දරුවන් තම දෙමව්පියන්හට තමන්හට පුළුවන් කළ නොසලකා පසුව ඔවුන්ගේ දේපොළ කෙරෙහි තණ්හාවෙන් මිය ගිය පසුව අවසාන කැමැත්තට දේපොළවල හිමිකාරත්වය ලබා ගැනීම පිණිස ව්‍යාජ කරුණාවක් පෙන්වති. දරුවන් කිහිපදෙනෙක් ඉන්නා මව් පිය දෙපළකට වඩා ආදරය කරුණාව සහිත දරුවාට බොහෝ විට ඔවුන්ගේ මිළ මුදල් දේ පොළවල හිමිකම්වල වැ��
�ි අයිතියක් පැවරෙන බව දන්නා සමහර දරුවන් සෙසු දරුවන්ටද වඩා මව්පියන්ට කාරුණික බවක් මතුපිටින් ප්‍රදර්ශනය කරති. ඇතැම් දෙමව්පියන් මෙයට රුවටී සෙසු දරුවන්ට වඩා කාරුණික බව පළ කරන දරුවාට විශේෂයෙන් සලකති. ඇතැම් ව්‍යාපාරිකයින් ස්වකීය ලාභය වර්ධනය කරගැනීමේ අරමුණින්ම පමණක් පාරිභෝගිකයන්ට කරුණාව දක්වති. සේවය්‍යයාගේ හොඳ හිතත් සේවයෙහි උසස්වීම් හා වෙනත් දේත් ලබාගනු සඳහා සමහර සේවකයෝ ඔ��
�ුන් කෙරෙහි කාරුණික බවක් පළ කරති. ඇතැමෙක් ස්වකීය ලාභ සත්කාර සම්මාන ප්‍රයෝජනයම සඳහා පමණක් යටි අරමුණු සහිතව කාරුණික වෙති. කරුණාව ලෙස සිත් තුළ ඇතිවන ලෝභය සාරධර්මවල ස්වරූපයෙන් සිත්හි පහළවන ව්‍යාජ සාරධර්මයකි. ෙමය කරුණා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස දහමෙහි හඳුන්වා දී ඇත.
ශීලය මනාකොට රකිනු කැමති බව ශික්ෂා කාමතාවයි. ලෝකයෙහි කවදත් සිල්වතුන්ට ගුණවතුන්ට සැලකීම උතුම් ගුණයක් ලෙස සැලකේ. සාමාන්‍ය මහජනයා එබඳු ගුණවත් සිල්වත් උතුමන් කෙරෙහි පැහැදී පූජා සත්කාර කරති. එය දකින තැනැත්තාගේ සිතෙහි පූජා සත්කාර පිළිබඳ ලෝභය ශික්ෂා කාමතා වේශයෙන් උපදී. ඉන් මුලාවට පත් වූ පුද්ගලයෝ සීලය වර්ණනා කරමින් තමන් අන්‍ය පුද්ගලයන්ට වඩා ඉහලින් ශිලය ආරක්ෂා කරන්නෙකු බව ලෝකයා
ට පෙන්වයි. නිතරම අනුන්ගේ චරිතාදිය හා හැසිරිම් රටාව පිලිබඳව විවේචනය කරනු ලබන්නේ බොහෝ සෙයින්ම මෙබඳු අයයි. විනය, නීතිය, ශීලය, ආචාර ධර්ම, චාරිත්‍ර වාරිත්‍ර ආදිය අනුන් විසිනුත් අන්තවාදී ලෙස ආරක්ෂා කිරීමට පෙළඹවීමත්, තමන් ලෙස අන්‍යයන් ඒ පිලිබඳව උත්සුක නොවීම පිළිබඳව උරණවීමත්, ඉතාමත් අගතිගාමී ලෙස කුඩා චාරිත්‍රයක් වාරිත්‍රයක් අතපසුවීමකින් කඩවීම වැනි සුළු කරුණක් කෙරෙහි ඉතාමත්ම ද�
��ඩි සේ දෝෂ දර්ශනයට පැමිණ, මහත් සේ දඬුවම් පමුණවා එකී පුද්ගලයන් අවඥාවට පාත්‍ර කිරීමට ක්‍රියා කරනු ලැබිමත් ව්‍යාජ සාරධර්ම නිසා මුලාවට පත් වූ පුද්ගලයන් තුළ විද්‍යමාන විය හැකි වෙනත් ලක්ෂණ වෙයි. ඇති වන්නේ තවත් සමහරු අන්‍යයන්ට වඩා තමා ඉතාමත්ම සාරධර්ම ගරු කරන පුද්ගලයෙකු බව පෙන්වා ඒ ඔස්සේ කැපී පෙනීමට ආශා කරති. විවිධ ආගමික වැඩ සටහන්වලට සම්බන්ධ වෙමින් ශිල, භාවනා, වන්දනා චාරිකා, බෝධි �
��ූජා ව්‍යාපාරවලට සහභාගීවෙමින් සිතෙහි මතුවන සෘණාත්මක ආකල්ප මැඬීමට වෑයම් කිරීමේ දී එය ව්‍යාජ සාරධර්මයක හැඩතලයෙන් හා පැහැයෙන් යුක්තව සිත තුළ පහළ විය හැකිය. මෙවැනි ආකල්ප වලින් යුක්තව ක්‍රියා කරන පුද්ගලයන් තුළ දැකිය හැකි ලක්ෂණය නම් හුදෙක් සිල් ආරක්ෂා කරන්නේ ස්වකීය කය හා වචනය පාලනය කරනු ලබන ශීල ශික්ෂණය මඟින් අන්‍යයන්හට තමාගෙන් සිදුවිය හැකි හිරිහැර අවම කිරීමේ චේතනාව පෙරදැර��
�ව නොව අන්‍යයන්ගෙන් කීර්ති ප්‍රශංසා ඇසීමේ අභිලාෂයෙන් යුක්තවම පමණක් මතුපිට ඔපයට කටයුතු කිරීමයි. ආගමික අංශයෙන් පූජ්‍ය හා පූජක උතුමන් කෙරෙහි පවා ඇතැම් විටක මෙවැනි ලක්ෂණ විද්‍යමාන විය හැකිය. ශිෂ්‍ය කාමතාවය සාරධර්මයක් වුවත් මෙහි දී එකී සාරධර්මයෙහි ස්වරූපයට අනුව සිත තුළ පහළ වන ව්‍යාජ සාරධර්ම ශිෂ්‍ය කාමතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස බුදු දහමෙහි අර්ථ දැක්වේ.
අල්පේච්ඡතාවය නම් පමණට වඩා ප්‍රත්‍ය නොපිළිගන්නා වූ ස්වභාවයයි. අල්පෙච්ඡතාවයෙන් යුතු පුද්ගලයන්ට ඕනෑම කෙනෙක් පහදිති. ප්‍රශංසා කරති. එකී පුද්ගලයාගේ කීර්ති ඝෝෂාව සෑම අතම පැතිරෙයි. සාමාන්‍ය පුහුදුන් මිනිසුන්ගේ ස්වභාවය වනාහී නොපිලිගන්නා තැනැත්තාහට වැඩිපුර දීමට පෙළඹීමයි. කිසියම් දෙයක අවශ්‍ය වන්නේ එහි අවශ්‍යතාවය ඇති තැනැත්තාහට වුවත්, එසේ අවශ්‍යතාවය තිබුණත් නැතත්, සත්‍ය වශයෙ
න්ම හෝ ව්‍යාජ ලෙස හෝ ඒවා ප්‍රතික්ෂේප කරන පුද්ගලයාහටම ලබාදීමට ප්‍රයත්න දරන්නේ පුහුදුන් බව නිසාය. ආහාර පාන, වස්ත්‍ර, නිවාස හා ආරක්ෂාව වැනි දේ සැබවින්ම ඉතාමත් තදින් අවශ්‍ය කරන පුද්ගලයාහට එසේ දීමට සාමාන්‍ය පුහුදුන් මිනිසුන් නොකැමති වීම ස්වභාවයයි. මිනිසුන් යමක් දෙන්නේ තමන්ට යමක් ලබාගැනීමේ චේතනාවෙන් නිසා කිසිවක් නොමැති තැනැත්තාහට වඩා යමක් කමක් ඇති තැනැත්තාහට දීමට නිරායාසය�
��න්ම පෙළඹේ. අවශ්‍යතාවය සැබවින්ම ඇති තැනැත්තාහට ඉතා ස්වල්පයක්වත් නොමැතිවීමත්, ඇති තැනැත්තාහටම ඒවා දීමට මිනිසුන් වඩාත් පෙළඹීමත් නිසා ඇති තැනැත්තා ළඟම සෑම දෙයක්ම ගොඩ ගැසෙයි. අල්පේච්ඡතාවය නිසා ලැබෙන කීර්ති ප්‍රශංසාවටත්, ලාභයටත් ආශා උපදවන්නා වූ පුද්ගලයා කෙරෙහි ලෝභය අල්පේච්ඡතා ස්වරූපයෙන් පහළ වේ. එම ව්‍යාජ සාරධර්මයට මුලාවන පුද්ගලයින් ස්වකීය චිත්ත සන්තානයෙහි අල්පේච්ඡතාව�
�� හැතැයි මුළාවට පත්වේ. මෙය අල්පේච්ඡතාවයෙහි පැහැය හා මතුපිට හැඩය ගෙන පුද්ගල අභ්‍යන්තරයෙහි ඊට සමාන ලෙස උපදින ව්‍යාජ සාරධර්මයකි. මෙම ව්‍යාජ සාරධර්මය අල්පෙච්ඡතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස දහමෙහි විස්තර කෙරේ. ඇතැම්විටක අල්පේච්ඡතාවය වෙනුවට මහෙච්ඡතාවය ද අල්පේච්ඡතාවය ලෙස වරදවා වටහා ගැනීම නිසා ද මේ ආකාරයටම මිනිසුන් කටයුතු කරති. දන්සැලක ආහාර පාන බෙදාදෙන ආකාරය නිරීක්ෂණය කළහො��
�් එහි අවශ්‍යතාවය ඇති තැනැත්තාහට වඩා යමක් කමක් තිබෙන ඇත්තන් සොය සොයා නවීන සුඛෝපභෝගී වාහන පසුපස්සේ පන්න පන්නා සිසිල් බීම හෝ ආහාර පාන පිරිනැමීමට සාමාන්‍ය පුහුදුන් මිනිසා පෙළඹී ඇති අන්දම නිරීක්ෂණය කළ හැකිය. ව්‍යාජ සාරධර්ම පුද්ගලයින් තුළ ක්‍රියාත්මක වන ආකාරය වටහා ගැනීමට මෙය කදිම නිදසුනකි. දන්දීම ඉතාමත්ම හොඳ දෙයකි. නොදී සිටීමට වඩා කෙසේ හෝ දීම හොඳය. නමුත් එය සිදු කිරීමේ දී ප්��
�රඥාවන්තව කටයුතු කිරීමෙන් ඉන් ලබාගත හැකි පුණ්‍ය හා කුශල ශක්තිය වැඩි දියුණු කරගත හැකිය.
විචෙය්‍ය දානතා නම් ප්‍රතිපත්ති ගරුක ගුණවත් පුද්ගලයන් තෝරාගෙන ඔවුන් විෂයෙහි ආහාර පාන, වස්තු, නිවාස වැනි උපභෝග පරිභෝග දෑ ලබාදීමේ ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේ විමසා ලබා දන්දීම “විච්‍යෙ දානං සුගතස්ස සත්ථං” ලෙස වර්ණනාවට ලක් කර තිබේ. එම නිසා දන්දෙන විට ප්‍රතිපත්ති ගරුක ගුණවත් පුද්ගලයන් තෝරා එම පරිත්‍යාගය පිරිනැමීමෙහි දෝෂයක් නොමැත. එහෙත් තමාගේ දාන චේතනාවට අවහිර වන ආකාරයෙන් ය
මක් උවමනාවට වඩා සොයා බලන්නට වුවහොත් එම ක්‍රියාව සාර්ථක කරගැනීමට බාධා ඇතිවේ. නිරායාසයෙන්ම ලෝභ සිත් සහිත පුද්ගලයා සොයා විමසා බලන මුවාවෙන් තමාගේ දානයෙහි ප්‍රතිග්‍රාහකයා පිළිබඳව කුකුස් උපදවා විළිසර වීම විචෙය්‍ය දානතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය නමැති ව්‍යාජ සාරධර්මය ලෙස අර්ථ දැක්වේ. සමහරු මහ මඟ සිඟමන් යදින යාචකයන් හොරුන්, නීති විරෝධි කටයුතුවලට සමබන්ධවන්නන් හා රක්ෂාව පිණිස �
��ුලියට සිඟා කන්නන් වශයෙන් සලකා ඔවුන්හට යමක් දීම ඔවුන්ගේ වංචාවට හසුවීමක් බවක් සිතති. සිඟන්නන්ට දීමට වඩා ළමා නිවාසවලට, අනාථ නිවාසවලට දන්දීම වඩා යහපත් බව සිතා දන්දීමේ ක්‍රියාව පසුවට තබති. නිවසක පැවැත්වෙන සංඝගත දක්ෂිණාවකට වැඩිහිටි වෘද්ධ භික්ෂුන් වහන්සේලාට වඩා ළමා සාමණේර භික්ෂුන් වහන්සේලා වැඩිපුර වැඩියහොත් ඇතැම් අය තරමක් සිත රිදවා ගනිති. තමන් විසින් ආරධනා කළ ප්‍රමාණයට වඩා
අඩුවෙන් වැඩමවීම ද ගිහි පක්ෂයෙහි සිත රිදවීමට කරුණකි. එහිලා සංඝගත දක්ෂිණාවෙහි වැදගත් වන්නේ ප්‍රමාණාත්මක බව නොව ගුණාත්මක බව යන කරුණ බොහෝ දෙනෙක් නොදනිති. ඇතැමෙකු ගමේ හෝ නගරයෙහි තම නිවස අසල ඇති පන්සලට දන් පිරිනැමීට වඩා ඊට බොහෝ දුර ඈත පිහිටි ආරණ්‍ය, භාවනා මධ්‍යස්ථාන, යෝගාශ්‍රම, වන අසපු සොයා සොයා යන්නේ ගම හෝ නගරය ආශ්‍රිතව ජීවත්වන භික්ෂූන් වහන්සේලාට වඩා දුර බැහැර පිහිටි ස්ථානවල ��
�ිටින භික්ෂූන් වහන්සේලා සිල්වත් ලෙස කල්පනා කරන හෙයිනි. ඇතැම්විට එකම පිරිවෙනෙහි හෝ විශ්වවිද්‍යලයෙහි අධ්‍යාපනය ලැබූ භික්ෂූන් වහන්සේලා මේ දෙතැනෙහිම වැඩ සිටිය හැකි බව පවා ඔවුහු අමතක කරති. ඉතාමත්ම ස්වල්ප දෙනෙකුගේ වැරදි හැසිරීම් රටාව නිසා උගතුන් බුද්ධිමතුන් ලෙස ගරු කරන අතරම අවිනයවත් පිරිසක් ලෙස විශ්වවිද්‍යාලයීය උසස් අධ්‍යාපනය ලැබූ සමස්ත සුවිශාල පිරිස දෙසම කිසියම් සැක මුස
ු දෘෂ්ටියක් හෙලීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් පෙළඹීම සේවා වියුක්තික උපාධිධාරීන් සඳහා රැකියා අවස්ථා සම්පාදනය අවම වීමට එක් හේතුවක් විය හැකිය. විචාර පූර්වක වීම සාරධර්මයක් වුවත් මෙහි දී සිත් තුළ එකී ස්වරූපයෙන් පහළ වන්නේ ව්‍යාජ සාරධර්මයකි.
ලද දෙයින් සතුටුවීම සෑහීමකට පත්වීම සන්තුට්ඨිතාවයයි. වඩා හොඳ ආහාර පාන, වස්ත්‍ර, නිවාස ආදිය සොයමින් නොසිට ලද දෙයකින් පහසු දෙයකින් සෑහීමකට පත්වීම සන්තුට්ඨිතා ගුණයයි. තමන් සතු දේ විය පැහැදම් කිරීමට අකමැති ලෝභය සිත තුළ ඇති පුද්ගලයාගේ සිතෙහි ධනය වියදම් කිරීමට අවස්ථාවක් පැමිණි විට සන්තුට්ඨිතා වේශයෙන් සන්තෘප්තිය යන සාරධර්මයෙහි මතුපිට හැඩතලය හා පැහැයම ගෙන ලෝභය යන ව්‍යාජ සාරධර�
��මය පහළ වේ. මසුරු සිත් ඇති තැනැත්තා ද ස්වකීය මසුරු බව නිසාම අන්‍යයන්ට නොදීම තමා පරිභෝජනයට නොගැනීම යන සාවද්‍ය කරුණු දෙකම සිදු කරයි. මෙය අල්පේච්ඡතාවය නොවේ. එසේම සන්තුට්ඨිතාවය ද නොවේ. තමන්ට තිබෙන ප්‍රමාණයට හා අවශ්‍යතාවය අනුව විය පැහැදම් කිරීම ධනවත් පුද්ගලයාගෙන් සමාජය බලාපොරොත්තු වේ. බුදුරදුන් ධරමාන කාලවකවානුවේ අනාථ පිණ්ඩික, විශාඛා සිටු දේවිය වැනි ධනවත් සිටුවරු සිටුවරියන් �
��ට දිළිඳු අය වෙනුවෙන් ධනය විය පැහැදම් කිරීමේ වටිනාකම බුදුන් වහන්සේ විසින්ම පැහැදිලි කර දී ඔවුන්ගේ ධනය සමාජ සේවය පිණිස කැප කිරීමේ නිවැරදි ක්‍රමවේදය අනුව ඔවුන්ගේ ජීවන රටාව හික්මවනු ලැබුවේ සමාජයට එය ලැබිය යුතු දෙයක් වූ හෙයිනි. සන්තුට්ඨිතාවය ඇති වන්නේ ධනය රැස් කළ පමණින් නොව එය තමාගේ හා අන්‍යයන්ගේ මෙලොව හා පරලොව සුඛ විහරණය සඳහා කැප කළ පමණටය. මෙම ව්‍යාජ සාරධර්මය සන්තුට්ඨිතා ව��
�ශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස හැඳින්වේ.
අනුන් කෙරෙහි අනුකම්පාව කරුණාව දක්වන ස්වභාවය පරානුද්දයතා නම් වේ. දුගී මගී යාචක ආදී කෙනෙකු තමා වෙත විත් කිසියම් දෙයක් ඉල්ලා සිටින විට තමන් සතු වස්තුව දීමට නොකැමති පුද්ගලයන්ගේ චිත්ත සන්තානයෙහි ඒ පිළිබඳව වූ ලෝභය පරානුද්දතා වේශයෙන් ව්‍යාජ සාරධර්මයක් ලෙස හටගනියි. එයට ඒ පුද්ගලයා මුළාවට පත්වෙයි. ඒ නිසා අනුන්ගෙන් ඉල්ලා සිටීමට පරාධින වීමට හේතුවකි. යමක් මේ ආකාරයට දිගින් දිගටම ලබා
දුනහොත් ඒ නිසාම මිනිසුන් කම්මැලි අලස වීමට ඉඩකඩ ඇත. එසේම එයට ආශාව උපදවා කිසිදු කය සිත වෙහෙසා කිසිදු වැඩක් පළක් සිදු නොකොට පුරුද්දක් වහයෙන් මෙලෙස ඉල්ලාගෙන කෑමට පුරුදු වනු ඇත. ඒ නිසා මිනිසුන්ගේ අලසකම ඇබ්බැහිවීමට ඉඩ ඇත. එහෙයින් මිනිසුන්හට පරිත්‍යාග කිරීම සුදුසු නොවේ. පරිත්‍යාග නොකිරීමම මිනිසුන්හට සිදු කරන විශාල සේවයකි. යනුවෙන් සිතමින් කිසිම දෙයක් කිසිම කෙනෙකුහට ලබා නොදෙයි. �
��ෙය පරානුද්දතා වේශයෙන් ඇතිවන ලෝභය සාරධර්මයක මතුපිට හැඩයෙන් යුක්තව ඇති වේ. මෙය ව්‍යාජ සාරධර්මකි. මෙම ව්‍යාජ සාරධර්මය පරානුද්දයතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය සේ පේනවා දී තිබේ. මෙකී ව්‍යාජ සාරධර්මයට මුලාවීම නිසා ඇතැම් පුද්ගලයෝ මූලික සමාජ සංස්ථා සේ සැළකෙන ස්වාමියා, බිරිඳ, දූ දරු, මව් පිය වැඩිහිටි, ගුරුවර, මිත්‍ර, සේව්‍ය, සේවක, පූජ්‍ය හා පූජක පක්ෂය වෙත තමාගෙන් ඉටු විය යුතු සාමාජික
යුතුකම් පවා පැහැර හැරීමට පෙළඹෙති.
ආත්ම සංරක්ෂණතාවය නම් තමාගේ ජීවිතය ආරක්ෂා කරන ස්වභාවයයි. ස්වකීය ජීවිතාරක්ෂාව සඳහාවත් සමහරු මුදල් වියදම් කිරීමට අකමැති වෙති. ඒ ලෝභය ආත්ම සංරක්ෂණ වේශය ගන්නා බැවිනි. එයින් රැවටීමට පත්වන පුද්ගලයින් හොඳ නොහොඳ ගුණ අගුණ දේ කුමක්දැයි නොදනියි. ගුණ දෙයෙහි දොස් දැක ඉවත් කරන අතර අගුණ දේ හොඳ යැයි සලකා ස්වකීය ප්‍රයෝජනයට ගනියි. මෙම ව්‍යාජ සාරධර්මය ආත්ම සංරක්ෂණතා වේශයෙන් උපදින වඤ්චක ලෝභ
ය ලෙස සැලකේ. ඉතාමත්ම සුඛ විහරණ සහගතව හැදී වැඩුණු ඇතැම් පුද්ගලයින් අන්‍යයන් හා ඇසුරු කිරීමේ ඇති විවිධ අනාරක්ෂිත ස්වභාවය සලකා සමාජශීලී බවෙන් ඈත් වී කටයුතු කිරීමට උත්සහ දරන්නේ ආත්ම සංරක්ෂණයෙහි ස්වරූපයෙන් ව්‍යාජ සාරධර්මයක් ලෙස මතුවන ලෝභය නිසාය. දිගු කලක් විදේශ ගත වී සිට පැමිණි ඇතැම් පුද්ගලයෝ එම විදේශ රටවල දියුණු සෞඛ්‍ය පහසුකම්වලට සාපේක්ෂකව මෙරට අපිරිසිදු කම හා අයහපත් ආක��
�්ප සංවර්ධනයට බාධාවක් සේ කල්පනා කොට ආත්ම සංරක්ෂණයෙහි වේශයෙන් පහළවන ව්‍යාජ සාරධර්මයක් වූ ලෝභයට වසඟව හැකි ඉක්මනින් නැවත විදේශගතවීමට උත්සහ කරති. දන්සැල්, අනාථ නිවාස විවිධ සමිති සමාගම්වලට ආධාර පිණිස නිවෙස්වලට බාහිර පිරිස පැමිණෙනවාට ඇතැම් පුද්ගලයින් අකමැති වන්නේ එමඟින් ස්වකීය පෞද්ගලිකත්වය හා ආරක්ෂාවට ඉන් බාධා එල්ලවන සේ සලකාය. වර්තමානයෙහි පවතින සොර සතුරු උපද්‍රව නිසා එසේ �
��ිරීමෙහි කිසියම් සාධාරණත්වයක් විද්‍යමාන වුවත්, ආත්ම සංරක්ෂණය නැමැති ව්‍යාජ සාරධර්මයේ ස්වරූපයෙන් තමා නොදැනුවත්වම ක්‍රියාත්මක වන පරිත්‍යාග කිරිමේ ලෝභය මෙහි දී සිත තුළ පහළ වන පෙන්වා දිය හැකිය.
සැප සම්පත් විඳීමේ ආශාව අධික තැනැත්තා කෙරෙහි ලෝභය අලෝභතා වේශයෙන් ව්‍යාජ සාරධර්මයක් සේ ක්‍රියා කරයි. එයට මුළා වූ බොහෝ දෙනා තමා සතු වස්තුව පමණට වඩා විය පැහැදම් කර කා බී ඉන්ද්‍රීය ප්‍රීණනය කරමින් සතුටු වෙති. සකසුරුවම් කරමින් ඉතිරි කරන අන්‍යයන්හට ලෝභී තැනැත්තන් යැයි පවසමින් නින්දා කරති. පමණ දැන වියදම් පාලනය කරමින් පිළිවෙළකට කටයුතු කරන අයහට මසුරු තැනැත්තන් යැයි අවලාද ඇණුම් බැ
ණුම් වලින් ගර්භාවට ලක් කරති. තමාගේ ප්‍රතිපත්තියෙහි උසස් බව හුවා දක්වමින් අන්‍යයන්ගේ මසුරු බව තවත් පුද්ගලයන් සමඟ පවසමින් ඔවුන් සමාජයෙහි අවඥාවට පත් කරති. ඔවුහු තමන් විසින් එදිනෙදා උපයනු සපයනු ලබන සියළු ධනය කා බී ඉන්ද්‍රියයන් ප්‍රීණනයෙහි යොදවා ඒ වෙලාවට සතුටු වන නමුත් ධනය සපයා ගැනීමට නොහැකි අපහසු කාලයෙහි දුකසේ ජීවත් වෙති. නිතර නිතර තමාගේ අතීත කාමසුඛල්ලිඛානු පිළිවෙත පිළිබ��
�ව අතිශයින්ම පසුතැවීමට පත් වෙති. මෙම ව්‍යාජ සාරධර්මය නිර්ලොභතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය බව දහමෙහි විස්තර කර දී තිබේ.
තමා කලින් නුදුටු ස්ථාන හා ප්‍රදේශ දැකීම, නුදුටු වස්තූන් දැකීම, උත්සුව දැකීම, බොහෝ ස්ත්‍රී පුරුෂ පිරිස් දැකීම, අලංකාර සැරසිලි ආදී නොයෙක් දේ දැකීම පිළිබඳ ආශාව පුද්ගලයන්ගේ චිත්ත සන්තානය තුළ පුණ්‍ය කාමතා වේශයෙන් ව්‍යාජ සාරධර්මයක්ව උපදී. එයට රැවටුනු බොහෝ දෙනෙක් මුළාවට පත්ව හැසිරෙති. ක්‍රියා කරති. ගමේ පන්සලට වරක්වත් නො පැමිණෙන සමහරු ඈත ප්‍රදේශවලට වන්දනාවට යති. ඒ සඳහා බොහෝ ධනය ව
ිය පැහැදම් කරති. එයින් ඇතිවන ප්‍රතිඵලය නම් ඒ යන අයගේ දර්ශන පිපාසාව සන්සිඳවීම පමණකි. ඒ සන්දිඳීමෙන් ඒ අය මහා පිනක් සිදු කර ගත්තාහ යනුවෙන් ප්‍රිති වෙති. මෙකල වන්දනාවේ යන බොහෝ දෙනාගේ සිතෙහි පහළ වන්නේ පුණ්‍ය කාමතා කුශලච්ඡන්දය නම් වූ පිනක් කරගනිමියි යන කැමැත්ත නොව ලෝභ චේතනාවයි. මුළාවට වැටී පසුතැවීමයි. මෙම ව්‍යාජ සාරධර්මය පුණ්‍යකාමතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස හැඳින්වේ. ඇතැම ��
�ුද්ගලයින් විවිධ පින්කම්, වන්දනා ගමන් සංවිධානය කරන්නේ හුදෙක් ඉන් අත්පත් වන කුශල කර්මයම පමණක් අරමුණු කරගෙන නොව එවැනි දේ සංවිධානය කිරිම එකි තැනැත්තන්ගේ ජීවිකා වෘත්තිය වන හෙයිනි. මෙහි දී වඩා වැඩි පිරිසක් තමා විසින් සංවිධානය කරනු ලබන එවැනි පින්කම් හා වන්දනා චාරිකා සඳහා සහභාගී කරවා ගන්නට විද්‍යුත් හා මුද්‍රිත සන්නිවේදන මාධ්‍ය තුළින් ප්‍රචාරණයක් ද ලබා දෙති. ඒ වඩාත් ස්වකීය ආද��
�යම තරකර ගැනීමේ අභිප්‍රායෙනි. ඇතැම් දෙනෙක් හුදෙක් නිස්සරණධ්‍යාශයෙන්ම මෙවන් සමාජ සත්කාර්යයන් සඳහා දායක වනු ලබන බව ද මෙහි දී අප අමතක කළ යුතු නොවේ.
සංවිභාග ශිලතාව නම් තමන්හට ලැබුණු දෙය පමණක් තමාගේ පරිහරණය පිණිස නොගෙන අනෙක් තැනැත්තන්හට බෙදා හදා දෙමින් පරිහරණය කිරීමයි. සමහර පුද්ගලයන් තුළ මහ පිරිස් පිරිවරා ගෙන කා බී ප්‍රීතිවීමේ ආශාව සංවිභාග ශිලතා වේශයෙන් පහළ වේ. එයින් මුළාවට පත් තැනැත්තේ අනෙක් අයට මසුරු මිනිසුන් යැයි නින්දා කරමින් යහළුවන් පිරිවරා ගෙන කා බී විනෝදවත් වී ධනය අකාලයෙහි විනාශ කරගෙන අන්තිමට දුකට පත්වෙයි. පස�
��ව කණගාටු වෙයි. මුළින් ධනවත්ව සිට පසුව අන්‍යයන් වෙනුවෙන් ධනය වැයකොට ජීවිතයෙහි අග භාගයෙහි පසුතැවීමට පත්ව නිර්ධනයින්ව දැඩි චිත්ත පීඩාවකින් මිය ගිය පුද්ගලයින් පිළිබඳ විවිධ පුවත් සමාජයෙහි ප්‍රචලිතව පවතියි. මෙවැනි පුද්ගලයින්ගේ දූ දරුවන් පවා තමාගේ මව හෝ පියා ධනය නිකරුනේ නැති නාස්ති කළ නිසා අප ද දැන් දුකට පත් විය යනුවෙන් සිතමින් පශ්චත්තාපවීමට පවා පෙළඹේ. නමුත් සමහර දූ දරුවන් ම�
��ගේ හෝ පියාගේ එකී නාස්තිකාර පිලිවෙතම එලෙසින්ම ගෙනයාමට ඇබ්බැහි වීමට පවා ඉඩ ඇත. එවන් දූ දරුවන් තමා විසින් ආවාහ විවාහ කරගන්නා තැනැත්තා හෝ තැනැත්තිය පවා තමා ඇබ්බැහි වී ඇති මෙම නාසිත්කාර පිළිවෙතටම යොමු කරගැනීම නිසා මෙම පිළිවෙතෙහි ඇති අන්ර්ථකාරී බව සමහර විටක පරම්පරා කිහිපයකටම පවා බලපවන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. සෙසු ව්‍යාජ සාරධර්මය සංවිභාග ශීලතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙ��
� දහමෙහි අර්ථ දැක්වේ.
සත්වයන්ගේ ප්‍රකෘති සිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරය. එය රාගාදී කෙලෙස් කසට නිසා අපිරිසිදු වන්නේය. අපිරිසිදු බවට පැමිණි විට සත්වයා ඒ කෙලෙස් කසට නිසා සත්‍යය අසත්‍යය හොඳ නරක තේරුම් කර ගැනීමට නො හැකිව අන්ධයෙකු ලෙස ක්‍රියා කරයි. ඕනෑම දරුණු ක්‍රියාවක් වුව ද කිරීමට සැක බිය රහිතවම ඉදිරිපත් වේ. සිතෙහි රාගාදී මුල් ඇතිවීමෙහි ආදීනව බොහෝය. බෝධිසත්ව කුස රජුගේ සිත තුළ ප්‍රභාවතී දේවිය නිසා ඇ
ති වූ රාගය හේතුවෙන් සත් මසක් මුළුල්ලෙහි අරක්කැමි කම් කළේය. ඇතැම් ස්ත්‍රී පුරුෂයෝ රාගය නිසා සිය පෙම්වතා හෝ පෙම්වතිය නො ලැබීමෙන් දිවි තොර කර ගනිති. සමහරු මව්පිය සොහායුරු සොහහොයුරියන් පවා ජීවිතක්ෂයට පත් කරති. වෙන් වශයෙන් ස්ත්‍රී පුරුෂයන්හට ඔවුන්ගේ ප්‍රති විරුද්ධ ලිංගික පක්ෂයෙහි අය දැකීම ඔවුන්ගේ කඬ ඇසීම, ඔවුන්ගේ සුගන්ධය ආඝ්‍රාණය කිරීම, ඔවුන්ගෙන් ලැබෙන රසය විඳීම, ඔවුන්ගේ ��
�හස ලැබීම යන මෙකී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පස්කම් සැප පිළිබඳවම ස්ත්‍රී පුරුෂ සිත්හි හටගනු ලබන සප්‍රීතික ලෝභය රාගය ලෙස හඳුන්වනු ලැබේ. මෙම රාගය එහි නියම ස්වරූපය සඟවා ව්‍යාජ ආකාරයෙන් හටගනියි. කරුණාව ශ්‍රද්ධාව ආදිය සාමාන්‍යයෙන් සාරධර්ම ලෙස සැලකේ. රාගය හටගන්නේ මෙකී සාරධර්මයවල ස්වරූපය මතුපිටින් පෙන්වමින් නිසා මෙහි දී ව්‍යාජ සාරධර්මයක් ලෙස එය සැලකේ. සාරධර්ම ස්වරූපයෙන් ව්��
�ාජව හටගන්නා නිසා පුද්ගල චිත්ත සන්තානයෙහි උපදින රාගය සාරධර්මයක් ලෙස එකී පුද්ගලයන් පමණක් නොව එබඳු පුද්ගලයින් ඇසුරු කරන ලබන අනෙක් අය පවා ඉන් මුළාවට පත්වෙති.
කෙනෙකුගේ චිත්ත සන්තානය තුළ රාග වශයෙන් ඇලුම් කිරීමට යම් කිසිවක් හේතු වූ යේ නම් ඒ තැනැත්තා එකී රාගය දුරු කිරීමට උත්සහ කරයි. දුරු නොවුයේ නම් එය සිතෙහි වර්ධනයවීමට ඉඩ නොදෙයි. වැඩුනේ නම් එය ක්‍රියාකාරීවීමට ඉඩ නොදෙයි. පසුව එම රාගය පුද්ගලයාගේ අදහසට ගැලපෙන පරිදි මිත්‍රත්වයෙහි වේශය ගනියි. එයට පුද්ගලයා රැවටෙයි. මෛත්‍රිය හැමදෙනා විසින්ම ඇති කර ගැනීමට සුදුසු දෙයකැයි කියා මෛත්‍රී වේශ��
�ෙන් ව්‍යාජ සාරධර්මයක්ව පැමිණෙන රාගය පිළිගනියි. එයට සමරු මුළාවෙති. වරදට පෙළඹෙති. ඒ නිසා ව්‍යාජ සාරධර්මක් ලෙස මෛත්‍රී වේශයෙන් උපදින වඤ්චක රාගය සැලකිය යුතුය.
පොහොසත් පිරිමින්හට දිළිඳු ස්ත්‍රීන් පිලිබඳව ඇතිවන රාගය බෙහෙවින් කරුණාවෙහි ස්වරූපයෙන් පහළ වේ. එයින් මුලා වූ තැනැත්තා අමාරුවේ වැටෙයි. ඔවුන් හා ආශ්‍රයට වැටෙයි. තවත් දුරදිග ගොස් තමන්ට නොගැලපෙන රහස් සම්බන්ධතා පවා ගොඩනඟා ගනිති. දුබල රෝගී මැහැල්ලක දුටූ විටක එබඳු කරුණාවක් නූපදී. හොඳට ඇඳ පැළඳ ගත් ලක්ෂණ තරුණ කාන්තාවක් දුටු විට පමණක් කරුණාව උපදියි. ස්ත්‍රීන් තුළ ද තරුණ කඩවසම් ප්‍ර
ිය මනාව පුරුෂයින් පිලිබඳව යටපත් කරගත් රාගය ව්‍යාජ සාරධර්මයක් සේ කරුණාවේ ස්වරූපයෙන් ඉස්මතු වන නිරීක්ෂණය කළ හැකිය. ඇතැම් ස්ත්‍රීන් ජ්‍යෙෂ්ඨත්වය සහිත මහලු වියපත් පිරිමින්ට වඩා ලාබාළ තරුණ කඩවසම් පිරිමින්ට ප්‍රමුඛතාවය පිරිනමනු දැකිය හැක. උසස් පොහොසත් වැදගත් සමාජ මට්ටමක් සහිත පවුල්වල සමහර ස්ත්‍රීන් තුළ දිළිඳු පුරුෂයින් කෙරෙහි අනුකම්පා කරන විලාශයෙන් යටපත් කරගනු ලැබූ රාග��
� ව්‍යාජ සාරධර්මයක් සේ කරුණාවේ ස්වරූපයෙන් පහළ වේ. ඇතැම් ධනවත් ස්ත්‍රීන් තුළ පොහොසත් පුරුෂයින්ට වඩා දිළිඳු අසරණ පුරුෂයින් පිළිබදව විශේෂිත කරුණාවක් හටගැනීමට හේතුව කරුණාවේ ව්‍යාජ සාරධර්ම ස්වරූපයෙන් මතුවන යටපත් කරනු ලැබූ රාගය විය හැකිය. එසේම ඇතැම් විටක ස්ත්‍රීන් තමා සමඟ හා තමා යටතේ සේවය කරනු ලබන තරුණ පුරුෂ සේවක පක්ෂය කෙරෙහි සෙසු අයට වඩා විශ්වාසයක් හා ළැදියාවක් දැක්වීමට හේ�
��ුව ද ස්වකීය සමාජ තත්වය නිසා යටපත් කළ රාගය ව්‍යාජ සාරධර්මයක් සේ කරුණාවේ ස්වරූපයෙන් මතුවීම විය හැකිය. මව්වරු තමාගේ දරුවන් අතරින් පුතුන්හට විශේෂිත කරුණාවක් දක්වන අතර පියවරු එසේම තම දරුවන් අතරින් දූවරුන්හට විශේෂිත කරුණාවක් දක්වති. ඇතැම්විටක මේ තත්වය සිග්මන් ෆ්‍රොයිඩියානු මනෝ විද්‍යා මූළධර්මවල දැක්වෙන පරිදි මවකට පුතු පිලිබඳ ඇති සෙනෙහස හෙවත් ඉඩිපස් සංකීර්ණය හා පියෙකුහට ද
ියණික කෙරෙහි ඇති සෙනෙහස හෙවත් ඉලෙක්ට්‍රා සංකීර්ණය වැනි තත්වයක් ද විය හැකිය. ව්‍යාජ සාරධර්මයක් වූ කරුණාවේ ස්වරූපයෙන් මතු වන රාගය නිසා පුද්ගලයෝ බොහෝ සේ මුලාවට පත්වෙති. මෙම ව්‍යාජ සාරධර්මය කරුණා වේශයෙන් උපදින වඤ්චක රාගය ලෙස දහමේ අර්ථ දක්වා ඇත.
ඇතැම් කාන්තාවන් තුළ ලක්ෂණ ශරීරයක්, මිහිරි කටහඬක් ඇති තරුණ භික්ෂූන් කෙරෙහි ශ්‍රද්ධා වේශයෙන් රාගය පහළ වේ. එය ශ්‍රද්ධාව නොව රාගී චේතනාවයි. ඔවුහු පෙර භික්ෂුන්හට ඇප උපස්ථාන නොකළත් එම භික්ෂුව කරා නිතර එළඹෙති. බොහොම හොඳ හාමුදුරුවෝ යනුවෙන් පවසමින් අනෙක් භික්ෂූන්හට නින්දා අපහාස කරති. ඔවුන්ගේ ඒ ශ්‍රද්ධාවේ ස්වරූපය වෙනත් අය දැනගෙන ඒ බව කි විට එයට විරුද්ධ වෙති. ඊර්ෂ්‍යාවෙන් දොස් කිය��
�ි යි විරුද්ධ වෙති. ඔවුහු ශ්‍රද්ධාවේ වේශයෙන් ක්ලේශ රාගයෙන් මුලාවට පත් වූ අය වේ. රැවටීමට පත් වූවෝ වෙති. ඇතැම් විටක පුරුෂයින් භික්ෂුන්ට වඩා ලාබාල සිල් මෑණිවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන සදහම් වැඩසටහන් කෙරෙහි වඩාත් පහදිති. සැම විටම මිනිස් සිත් සතන් තණ්හාවෙන් කැළඹවීමටත් ලෝභයෙන් මුළා කිරීමටත් සමත් කාන්තා ප්‍රතිරූපයට වාණිජ වටිනාකමක් ඇති බව දන්නා වෙළඳ ප්‍රජාව විද්‍යුත් හා මුද
්‍රිත සන්නිවේදනයෙහි උපකාරයෙන් ස්වකීය ආර්ථික ලාභය සඳහාම සැඟවුණු වාණිජ අභිප්‍රායයන්ට හිතකර සමාජ වටිනාකමක් ඇති කිරීමට ගන්නා වෙහෙස කාන්තා පිරිස විසින් ඔවුන් ධෛර්යමත් කරන අවංක අභිප්‍රේරණයක් සේ උපකල්පනය කරනු ලැබීම ද ඔවුන් තුළ පවතින අපරිණත සමාජ දුර්වබෝධයෙහි ප්‍රමාණය පෙන්වයි. රාගය ව්‍යාජ සාරධර්මයක් වූ ශ්‍රද්ධාවේ හැඩරුව ඇතිව ස්වකීය සිතෙහි පහළ වූ විට එයට මුළා වූ පුරුෂයින් අ�
�� කාලේ හාමුදුරුවරුන්ට වඩා සිල් මෑණිවරුන් ප්‍රතිපත්තිගරුක හා සිල්වත් බව අන්‍යයන් සමඟ ප්‍රකාශ කරති. සිල් මෑණිවරුන් විසින් සිදු කරනු ලබන ආගමික කටයුතු සඳහා නන් අයුරින් සහය ලබාදෙති. ඔවුන්ව පැවිදි උපසම්පදාකොට භික්ෂූත්වය ලබා දීමට අපහසු මන්දැයි සමාජ කතිකාවතක් පවා ගොඩනැඟීමට උනන්දු වෙති. ඔවුන්ගේ වෑයම දැක ප්‍රාතිමොක්ෂ විනය අනුව එය සිදු කළ නොහැකි බව කාරුණිකව පහදාදෙනු ලබන උගත් ධර�
��මධර වැඩිහිටි මහ තෙරවරුන්ගේ උපදෙස් හා අනුශාසනා ඊර්ෂ්‍යා සහගත ප්‍රකාශ සේ සලකා ඉවත ලති. භික්ෂුන්ගේ විවිධ අඩුපාඩු දොස් උන්වහන්සේලාහට අගෞරව වන සේ ප්‍රකාශ කරති. මෙම ව්‍යාජ සාරධර්මය ශ්‍රද්ධා වේශයෙන් උපදින වඤ්චක රාගය ලෙස හැඳින් වේ.
පින් කිරීමට ඇති කැමැත්ත පුණ්‍ය කාමතාවයි. ශ්‍රද්ධා වේශයෙන් පුද්ගල චිත්ත සන්තානය තුළ උපදින රාගය පුණ්‍ය කාමතා ස්වරූපය ගනියි. දර්ශන රාගය පුණ්‍ය කාමතා වේශය ගනියි. ඇතැම් බොහෝ තරුණ තරුණියන් වන්දනා ගමන් යන්නේ මේ පුණ්‍ය කාමතා වේශයෙන් උපන් රාගය නිසාය. මෙම ව්‍යාජ සාරධර්මය පුණ්‍යකාමතා වේශයෙන් උපදින වඤ්චක රාගය ලෙස හැඳින් වේ. සමහරු ගමේ පන්සලට වඩා ඉතා දුර බැහැර ඇති සිද්ධස්ථාන, නටබුන්ව �
��ති ආරාම සංකීර්ණ, පුරා විද්‍යාත්මකව වැදගත්කමක් ගන්නා ස්ථාන, අලංකාර උද්‍යාන වැනි විවිධ ආගමික වැදගත්කමක් සහිත ස්ථාන නැරඹීම පිණිස වන්දනා ගමන් සංවිධානය කර ගනිති. සමහරු විදේශවල ඇති මෙවන් ස්ථාන නැරඹීම සඳහා අධික මිළ ගණන් ගෙවා ගුවනින් යති. මෙවන් ස්ථාන නරඹා වන්දනා කර පුද පූජා කළ පුමාණයට පින් රැස් වෙතැයි ඔවුහු සිතති.
කළගුණ සැලකීම කෘතඥතාවයයි. සමහර අවස්ථාවල දී ස්ත්‍රියකගෙන් උපකාර ලැබූ පුරුෂයා කෙරෙහිත් පුරුෂයාගෙන් උපකාර ලැබූ ස්ත්‍රිය කෙරෙහිත් කෘතඥතාව යන ව්‍යාජ සාරධර්මයෙහි වේශයෙන් රාගය උපදියි. මෙසේ කෘතඥතා රූපක රාගයට රැවටුණු පුරුෂයාත් තමන්හට සංග්‍රහ කළ ස්ත්‍රිය කෙරෙහිත් ස්ත්‍රිය තමන්හට උපකාර කළ පුරුෂයා කෙරෙහිත් නිතර සැලකිලි දක්වයි. එය කෘතඥතා රූපයෙන් පහළ වූ ව්‍යාජ සාරධර්මයක් වූ රාගය
යයි. මෙම ව්‍යාජ සාරධර්මය කෘතඥතා වේශයෙන් උපදින වඤ්චක රාගය ලෙස ධර්මයෙහි දක්වා තිබේ.
සමානාත්මතාව නම් අන්‍යයන් ද තමා හා සම තත්වයෙන් සැලකීමයි. දුප්පත් පොහොසත් භේදය ලෝකයේ කොය් කවදත් පවත්නා සමාජ ධර්මතාවයකි. ධනවත් උදවිය දුප්පත් අයගේ ඇසුර ප්‍රිය නොකරති. තමාගේ වත් පොහොසත්කම්වලට සරිලන උදවිය නිතර ඇසුරු කිරීම සිරිතයි. දුප්පතුන්ගේ ඇසුර තමන්ගේ තත්වයට මදිකමක් ලෙස සිතති. එහෙත් දුප්පත් කාන්තාවන් කෙරෙහි ඇතිවන රාගික ඇල්මට දුප්පත් පොහොසත් භේදයක් නොමැත. ධනවත් තරුණයෙක් ද
ිළිඳු තරුණියක සමඟ ඇතිකර ගන්නා රාගික ඇල්ම දුප්පත්කම නිසා ඇය හා සම්බන්ධතා ගොඩනඟා ගැනීමට බාධාවක් වෙයි. එබඳු අවස්ථාවන්හි ඒ රාගය සමානාත්මතා වේශය ගන්නේය. එයට රුවටුනු තැනැත්තා සමානාත්මතා ගුණය ඉදිරිපත් කරගෙන රාගික හැඟීමෙන් දුප්පත් අය ඇසුරු කරයි. මෙම ව්‍යාජ සාරධර්මය සමානාත්මතා වේශයෙන් උපදින වඤ්චක රාගය ලෙස විස්තර කර දී ඇත.
පටිසන්ථාර කාමතා නම් පිළිසඳර පැවැත්මයි. තමා වෙත පැමිණෙන්නන් හට ප්‍රිය වචනයෙන් සංග්‍රහ කිරීමයි. අවස්ථාවට යෝග්‍ය පරිදි සංග්‍රහ කරන ස්වභාවයයි. දර්ශනයෙන් කථා කිරීමෙන් ආස්වාදය ඇතිවන කෙනෙකු තමන් වෙත පැමිණි කල්හි පුද්ගල සන්තානයේ ආස්වාදය විඳීමේ ආකාරයෙන් උපදින රාගය පටිසන්ථාර කාමතා යන ව්‍යාජ සාරධර්මයෙහි වේශයෙන් පහළවන වඤ්චක රාගයයි. මෙම ව්‍යාජ සාරධර්මය පටිසන්ථාර කාමතා වේශයෙන් ��
�පදින වඤ්චක රාගය ලෙස බුදු දහමෙහි අර්ථ දක්වා තිබේ. බොහෝවිට විවිධ ආයතනවල මහජන සම්බන්ධතා කටයුතු සඳහා සේවයට යොදවා සිටිනුයේ අන්‍යයන්ගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් අයස්කාන්ත රූපයකින් චිත්තාකර්ෂණීය පුද්ගල පෞරුෂයකින් සමන්විත තැනැත්තන් හා තැනැත්තියන් බව නිරීක්ෂණය කළ හැකිය. එයට හේතුව අදාළ ආයතනයෙහි සේවය සඳහා පැමිණෙන පාරිභෝගිකයින්ගේ ප්‍රශ්න හා ගැටළු මුළින්ම ඉදිරිපත් කරනු ලබන්න
ේ එවන් අය වෙත නිසා එහිදී ලබෙන පළමු ප්‍රවේශය සමස්ත ආයතනය පිළිබදවම ගොඩනඟා ගනු ලබන චිත්ත රූපය යහපත් බවට පත්කරවීමට එකී මහජන සම්බන්ධතා නිලධාරියා හෝ නිලධාරිනිය සමත්වීමයි. මෙහිදී පුහුදුන් පුද්ගල චිත්ත සන්තානයෙහි ඇතිවන රාගය වාණිජමය කටයුතු සඳහා වඩා හිතකර මානසික වාතාවරණයක් ගොඩනැඟීම පිණිස භාවිතා කරනු ලබයි. මෙහි දී පාරිභෝගිකයා තුළ පටිසන්ථාර කාමතාව පිණිස පහළවන කැමැත්ත මනස්කාන්ත �
��ෞරුෂයකින් යුක්ත පුද්ගලයෙකු හා සම්බන්ධ කිරීම මඟින් ආයතනයෙහි ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට භාවිතා කර ඇත.
අනුන්ගේ දියුණුවට ඇති කැමැත්ත පරාභිවෘද්ධි කාමතාවයි. සමහර අවස්ථාවන්හි පුද්ගල සන්තානයේ පහළ වන අනුන්ට උදව් උපකාර කිරීමේ කැමැත්ත පරාභිවෘද්ධි කාමතා වේශයෙන් වඤ්චනික රාගය ඔහු තුළ පහළ වෙයි. ස්ත්‍රීන් පුරුෂයින්ට උදව් කිරීමේදීත්, පුරුෂයින් ස්ත්‍රීන්හට උදව් කිරීමේදීත් සමහරවිට මේ රාගික හැඟීම පරාභිවෘද්ධි කාමතා ස්වරූපයෙන් මතු වෙයි. පුරුෂයින් පුරුෂයින්ට වඩා ස්ත්‍රීන්ට උදව් උපකා��
� කිරීම විද්‍යමාන වනවා මෙන්ම ස්ත්‍රීන් ස්ත්‍රීන්ට වඩා පුරුෂයින්ට උදව් උපකාර කිරීම ද කැපී පෙනේ. ස්ත්‍රියක් තවත් ස්ත්‍රියකට ඊර්ෂ්‍යා කරනවා මෙන්ම පුරුෂයෙක් තවත් පුරුෂයෙක්ව අභිබවා කටයුතු කිරීමට සහජයෙන්ම රුචිකත්වයක් දක්වයි. නමුත් ප්‍රති ව්රුද්ධ ලිංගිකයින් එක්ව කටයුතු කිරීමේදී මෙම ගැටළුව පැණ නොනඟියි. මේ හේතුව නිසාම ස්ත්‍රීහු පුරුෂයින් මධ්‍යයෙහි දී අගය කිරීමටත්, පුරුෂයින�
�� ස්ත්‍රීන් ඇසුරෙහි දී කැපී පෙනීමටත් පත් වන්නේ නිරායාසයෙනි. ප්‍රතිවිරුද්ධ ලිංගිකයින් අතර ලිංග සභාගිකයින් අතර මෙන් ඊර්ෂ්‍යාව මානය පහළ නොවන්නේ මේ කරුණ නිසාය. ප්‍රතිවිරුධ ලිංගිකයින් කිසිදු ගැටළුවක් රහිතවම ඔවුනොවුන් ඔවුනොවුන්ගේ දියුණුවට උපකාර කරගැනීමට දක්නට තිබේ. නමුත් සභාග ලිංගිකයින් අතර මේ තත්වවය දක්නට නොවේ. ප්‍රතිවිරුධ ලිංගික පාර්ශවයන් අතර පවතින රාගය ව්‍යාජ සාරධර්ම
යක් වූ පරාභිවෘද්ධි කාමතාවෙහි ස්වරූපයෙන් මෙහිදී පහළ වේ. මෙම ව්‍යාජ සාරධර්මය පරාභිවෘද්ධි කාමතා වේශයෙන් උපදින වඤ්චක රාගය ලෙස බුදු දහමේ අර්ථ දක්වා ඇත.
ද්වේෂය සත්ව චිත්ත සන්තානයෙහි ක්ෂාන්ති වේශයෙන් අවිහිංසා වේශයෙන් නෛෂ්කම්‍ය වේශයෙන් දාන කාමතා වේශයෙන් දුශ්ශීල පරිවජ්ජනතා වේශයෙන් අසත්පුරුෂ පරිවජ්ජනතා වේශයෙන් අල්පේච්ඡතා වේශයෙන් මිත භාණිතා වේශයෙන් පාප ගර්හිතා වේශයෙන් අපචිති කාමතා වේශයෙන් පටික්කූල සඤ්ඤා වේශයෙන් හා අනිච්ච සඤ්ඤා වේශයෙන් පහළ වේ.
ඉවසීම ක්ෂාන්තියයි. ද්වේෂයට ප්‍රතිපක්ෂ ධර්මය ක්ෂාන්තියයි. අන්‍යයන්ට ද්වේෂ නොකිරීම ක්ෂාන්තියයි. සමහර අවස්ථාවන්හි ද්වේෂය ක්ෂාන්තියෙහි ස්වරූපයෙන් සත්ව චිත්ත සන්තානයෙහි පහළ වේ. මව් පිය ගරුවරු සිය දූ දරුවන් හා ශිෂ්‍යයින් වැරදි කරන අවස්ථාවලදී එයින් වළක්වාලන අදහසින් අවවාද කරති. දඬුවම් පමුණුවති. එබඳු අවස්ථාවල දී මව් පිය ගුරුවරු ආදීන් කෙරෙහි ද්වේෂය ක්ෂාන්තියෙහි ස්වරූපයෙන් ��
�හළ වේ. මෙම ව්‍යාජ සාරධර්මය ක්ෂාන්ති වේශයෙන් පහළවන ද්වේෂය ලෙස අර්ථ දැක්වේ.
අන්‍යයන්හට හිංසා පීඩා නොකරණ කරුණා සහගත සිතිවිලි අවිහිංසාවයි. අවිහිංසාව ද්වේෂයට විරුද්ධ ධර්මයකි. අවිහිංසා රූපයෙන් මේ ද්වේෂය නොයෙක් ආකාරයෙන් පහළ වේ. බලවතෙකු විසින් දුබලයා පෙළනු ලබන කල්හි බලවතාට විරුද්ධව ද්වේෂය පහළ වෙයි. එය අවිහිංසා ප්‍රතිරූපක ද්වේෂයයි. පක්ෂයක් ගෙන අනෙක් පක්ෂයට හිංසා පීඩා කිරීම බොහෝ දෙනාගේ සිරිතකි. එය අවිහිංසාවාදී ස්වරූපයක් පෙන්වූවත් වඤ්චනික ද්වේෂය ඒ ��
�මඟ ඇත. අන්‍යයන්හට නින්දා කිරීමට සමහරු කරුණාවේ ස්වරූපයෙන් උදව් කරති. එහි ඇත්තේ ද්වේෂ සහගත වඤ්චනික අදහසය. පළි ගැනීමේ චේතනාවයි. මෙම ව්‍යාජ සාරධර්මය අවිහිංසා වේශයෙන් පහළවන ද්වේෂය ලෙස පෙළ දහමෙහි අර්ථ දක්වා ඇත. සමහරු අන්‍යයන් කිසියම් කරදරයකට හිරිහැරයකට පත් වූ විට එයට යටි සිතින් සතුටු වෙමින් ව්‍යාජව අනුකම්පාවක් දක්වමින් උදව් කිරීමට ඉදිරිපත් වෙතත් සැබෑ චේතනාව ඒ පුද්ගලයා විඳින
අපහසුතාවය දැක එයින් කිසියම් වින්දනයක් ලැබීමයි. මෙබඳු පුද්ගලයින් හඳුනා ගැනීමට අපහසු නැත. ඔවුන් විසින් අදාළ ගැටළුවෙන් සහනය ලැබීම සඳහා ලබාදෙන උපදෙස් තව තවත් ගැටළුව උග්‍ර කිරීමට හේතුවන සුළු හා ඉන් බලාපොරොත්තු නොවන තවත් අතිරේක කරදර හිරිහැරවලට මුහුණ පෑමට සිදු වන සුළු නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයන් තමාගේ කරදර හිරිහැර පිලිබඳව ව්‍යාජ සාරධර්මයක් වූ කරුණාවේ ස්වරූපයෙන් චිත්ත අභ�
��්තරගතව ද්වේෂයෙන් කටයුතු කරන පුද්ගලයන් වේ. බොහෝවිට වයසින් හා දැන උගත්කම්වලින් මෝරන ලද පුද්ගලයින්හට තමන් සමාජය ඇසුරෙන් ලබාගන්නා ලද ජීවන අත්දැකීම් පිටුවහල් කරගනිමින් ව්‍යාජ සාරධර්ම රූපික වූ කරුණා ස්වරූපයෙන් කටයුතු කරන ද්වේෂයෙන් යුක්ත වඤ්චනික පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් පහසුවෙන් හඳුනාගත හැකිය. ප්‍රඥාව යනු එයයි. දැන උගත්කම් කෙතෙක් තිබුණත් සමහරුන්හට මේ ජීවිත ඥාණය නොමැත.
ඒ නිසාම ඔවුහු ඉතා පහසුවෙන් ව්‍යාජ සාරධර්මවලින් යුක්ත වඤ්චනික පුද්ගලයින්ගේ කපටිකම්වලට හසුව ඒ නිසාම සැබෑ සාරධර්ම සැක කිරීමට යොමු වේ. නමුත් දැන උගත්කම් රහිතව වුවත් යමෙකුහට ජීවිත පරිඥාණය තිබේනම් මෙවැනි වඤ්චනික පුද්ගලයින්ගේ කපටිකම්වලින් ආරක්ෂා වී කටයුතු කිරීමට පිලිවන්කම ලැබේ.
සමහරු නොයෙක් අපේක්ෂාවන් සහිතව යම් යම් කටයුතුවල යෙදෙති. ආගමික සාමාජික සේවාවන්හි නිරතව සිටිති. එහෙත් තම තමන් බලාපොරොත්තු වන දේ ඉටු නොවුණු විට කළකිරී ඒවායින් අයින් වෙති. නෛෂ්කම්‍ය ස්වරූපයෙන් ද්වේෂය ඔවුන් තුළ පහළ වේ. එමඟින් සමහරුන්ගේ ජීවිතවල විවිධ පරිවර්තන ඇති වේ. ඇතැම් පුද්ගලයෝ ලාභ සත්කාර අපේක්ෂාවෙන්ම පූජ්‍ය හෝ පූජක බව ලබා ගැනීමට උත්සුක වෙති. නමුත් තමා බලාපොරාත්තුවන දේවල්
ඉන් ඉටුකර ගැනීමට නොහැකි බව වැටහුණු කළ කළකිරී ඉන් ඉවත්වීමට වෑයම් කරති. සමහරු තමන්ට බලපවත්වන ප්‍රබල ග්‍රහ අපල දුරු කර ගැනීම සඳහා මෙන්ම අධ්‍යාපන කටයුතු දියුණු කරගැනීමට පහසු මඟක් ලෙස හෝ ජීවිකාව ගෙනයාමට පහසු ක්‍රමක් සේ සිතා මෙවැනි දේ සඳහා යොමුවන බව දක්නට තිබේ. තමාටම සසර බියකරු බව වැටහී පූජ්‍ය හෝ පූජක බව ලබාගන්නා තරුණ හෝ වැඩිහිටියන් සේ නොව ඒ සඳහා මව් පියන් හෝ භාරකරුවන් විසින් ය��
�මු කරන කුඩා දරුවන් අනුක්‍රමයෙන් වයසින් වැඩී මොරද්දී උවුන්ගේ පශ්චාත්කාලීන ජීවිත අරමුණු හා තමා වර්තමානයෙහි ගතකරන ජීවන රටාව නොසැසඳෙන බව එම පුද්ගලයිටම වැටහී යාම නිසා පසුකාලීනව එම පුද්ගලයින් එම ජීවිතය හැර දමා යාම පෙන්වා දිය හැකිය. මෙම ව්‍යාජ සාරධර්මය නෛෂ්කම්‍ය කාමතා වේශයෙන් පහළවන ද්වේෂය ලෙස දහමෙහි පෙන්වා දී තිබේ.
ආදරයෙන් පෝෂණය කොට හදාවඩා ඇති දැඩි කළ ස්වකීය දූදරුවන් හදිසියේ අකාලයෙහි නැසුණු විට මව් පියන් තුළ දානකාමතා වේශයෙන් ද්වේෂය පහළ වේ. මව් පිය සතු දායාදයට දරුවෝ උරුමකරුවෝ වෙති. දරුවන්ගේ වියෝගයෙන් මව් පිය සතු උරුමයට කිසිවෙකු නොමැති නිසා ඒ උදවිය දන් පින් කරති. එහෙත් ඒ චේතනාව පිරිසිදු නැත. දරුවන් නොමැතිවීම නිසා කළකිරීමෙන් පින් දහමෙහි යෙදෙති. මෙම ව්‍යාජ සාරධර්මය දානකාමතා වේශයෙන් පහ��
�වන ද්වේෂය ලෙස හඳුනාගැනීමට හැක.
දුශ්ශීලයන් ඇසුරෙන් ඈත්වීම වරදක් නොවේ. එහෙත් ඔවුන්හට ද්වේෂ කිරිම වරදකි. ඔවුන්ගේ ඇසුර පිරිහීමට හේතුවන නිසා දැනගෙන ඇසුරු කළ යුතුය. පක්ෂග්‍රාහීව දුශ්ශීලයන් වශයෙන් කොටසක් සළකා ඔවුන්හට ද්වේෂ කෙරේ නම් නින්දා කෙරේ නම් ඔවුන්ගේ චිත්ත සන්තානයෙහි ද්වේෂය දුශ්ශීල පරිවජ්ජනතා වේශයෙන් උපදී. එයින් රැවටුණු සමහරු මුළාවට පත්ව ඔවුන්ගේ ඇසුරෙන් ඈත් වෙති. මෙම ව්‍යාජ සාරධර්මය දුශ්ශීල පරිවජ්ජ
නතා වේශයෙන් පහළවන ද්වේෂය ලෙස දහමෙහි විස්තර කර දී තිබේ.
අසත්පුරුෂ සේවනය සියළු විපත්වලට මූළික හේතුවකි. දෙලොවම පිරිහීමට හේතුවකි. එම නිසා ඔවුන්ගේ ඇසුරෙන් ඈත්වීම යහපත් පිණිස හේතුවෙයි. තමා නොසතුටු පුද්ගලයන් දුටු විට අසත්පුරුෂයන්ගෙන් දුරුවීමේ ආකාරයෙන් ද්වේෂය වඤ්චනික ආකාරයෙන් උපදියි. මෙම වයාජ සාරධර්මය අසත්පුරුෂ පරිවජ්ජනතා වේශයෙන් පහළවන ද්වේෂය ලෙස පැහැදිලි කළ හැක.
තමන්ට උදව්කරන හිතවත් කෙනෙකු සම්බන්ධයෙන් සමහර අවස්ථාවල දී පහළවන ද්වේෂය අල්පෙච්ඡතා වේශයෙන් හටගනියි. එයින් මුළාවට පත් තැනැත්තේ මට කිසිවෙකුවත් අවශ්‍ය නැත. මගේ කටයුතු මට පුළුවන් අයුරින් කර ගනිමි. යනුවෙන් කියමින් අන්‍යයන්ගේ උපකාර ප්‍රතික්ෂේප කරති. මව් පිය ගුරුවරුන්ගේ ආධාරයෙන් සිය කටයුතු කරගන්නා දරුවන් කෙරෙහි හා ශිෂ්‍යයන් කෙරෙහි මේ අල්පේච්ඡතා රූපක ද්වේෂය වඤ්චනික ලෙස පහළ වේ
. මෙම ව්‍යාජ සාරධර්මය අල්පෙච්ඡතා වේශයෙන් පහළවන ද්වේෂය ලෙස බුදු සමයෙහි දක්වා ඇත.
පමණ දැන කථා කිරීම මිතභාණිතා නම් වේ. අර්ථවත් වචන කථා කිරීමත් හිස් ප්‍රලාප වචන කථා කිරීමෙන් වැළකීමත් මිතභාණී පුද්ගලයාගේ ස්වභාවයයි. තමා අප්‍රිය කරන පුද්ගලයන් දුටු විට චිත්ත සන්තානයෙහි ඔවුන් පිලිබඳ ද්වේෂය මිතභාණිතා වේශයෙන් පහළ වේ. එයින් වඤ්චිත වූ තැනැත්තා මුලාවට පත් වේ. මෙම ව්‍යාජ සාරධර්ම මිතභාණිතා වේශයෙන් පහළවන ද්වේෂය ලෙස දහමෙහි අර්ථ දැක්වේ. තමන් ප්‍රිය කරන පුද්ගලයන් හා ඕන
ෑ තරම් පිළිසඳර කතා බහ කිරීමට ප්‍රිය කරන නමුත් අප්‍රිය පුද්ගලයන් හා කථා බහ සීමා කිරීම පමණ දැන කථා බහ කිරීමක් නොවේ. පමණ දැන කථා බහ කරන්නේ නම් එය ප්‍රිය පුද්ගලයන් ඇසුරේ දීත් සිදුවිය යුතුය.
කවරෙකුහට වුව ද ගැරහීම නින්දා කිරීම නුසුදුසු ක්‍රියාවකි. කෙනෙකුගේ දොසක් වරදක් දුටුවිට කරුණා පෙරදැරිව පෙන්වාදීම උතුම් සත්පුරුෂ ගුණයකි. එය පාප ගර්භාවයි. පාපයට පිලිකුල් කිරීම ගැරහීම වෙනුවට පුද්ගලයාහට ගැරහීම වරදකි. අන්‍යයන්හට නින්දා අපහාස ගැරහීම් කිරීමට කැමති ද්වේෂය පාප ගර්හිතා වේශයෙන් වඤ්චනික ලෙස පුද්ගල චිත්ත සන්තානයෙහි පහළ වේ. එයින් හෙතම මුලාවට පත් වේ. මෙම ව්‍යාජ සාරධර්�
�� පාප ගර්භිතා වේශයෙන් පහළවන ද්වේෂය ලෙස දහමෙහි අර්ථ දැක්වේ. මෙම ව්‍යාජ සාරධර්මයෙන් මුළාවට පත් වූ සමහර අය තමන් සංස්කෘතියෙහි හෝ ආගමික අංශයෙහි භාරකරුවන් සේ සිතා අත්තනෝමතිකව සැඬ පරුෂව රළු ලෙස අසරණ පුද්ගලයන්හට තලා පෙළමින් ක්‍රියා කරති. අසරණ පුද්ගලයින් අතින් නොදැනුවත්කමින් සුළු හෝ අතපසුවීමක් සිදු වුවහොත් මහත් සේ ළඔවුන්ව අන්‍යයන් ඉදිරියේ නිග්‍රහයට හා සමාජ අවමානයට පාත්‍ර වන ස�
�� ක්‍රියා කරති. ප්‍රමාණවත් පරිදි නිසි දැනුමක් හෝ බුද්ධි පරිපාකයක් නොමැති නිසාම සංස්කෘතික හෝ ආගමික මුරකරුවන් සේ නුවමනා අන්දමින් ඒවායෙහි හෝ එවැනි අදහස් කෙරෙහි දැඩි ලෙස එළ්ඹ සිටිමින් අනුන්ට හෙළා තළා කථා බහ කරන්නේ පාප භර්භාවෙහි වේශයෙන් ඇතිවන ව්‍යාජ සාරධර්මවලට මුළා වීම නිසාය.
ගරු කළ යුත්තන්හට ගරු කිරීම ආදිය අපචිති කාමතාවයි. සැඬ පරුෂ ගති ඇති මව් පිය ආදීන් යටතේ සිටින දූ දරු ආදීන් තුළ ඔවුන් පිලිබඳව භය ස්වභාවය වූ ද්වේෂය අපචිති කාමතා වේශයෙන් පහළ වේ. මෙම ව්‍යාජ සාරධර්මය අපචිති කාමතා වේශයෙන් පහළවන ද්වේෂය ලෙස දැක්වේ.
ශරීරය පිළිබඳ ප්‍රතික්කූල සංඥාව ඇති කරගත් උදවිය තුළ පහළවන ද්වේෂය ප්‍රතික්කූල සංඥා වේශය ගනියි. ශරීරයේ ලක්ෂණ සිහිකරන විට රාගය සිත්හි උපදියි. රාගය අඩු කිරීමට නම් ශරීරයේ පිලිකුල් බව නුවණින් සිහි කළ යුතුය. මෙම ව්‍යාජ සාරධර්මය පටික්කූල සඤ්ඤා වේශයෙන් පහළවන ද්වේෂය ලෙස පැහැදිලි කළ හැකිය. පිළිකුල් භාවනා කර්මස්ථානය දේශනාකොට ඇත්තේ රාග චරිතයා සඳහාය. සෙසු පුද්ගලයන් වුවත් එමාගේ චිත්ත �
��න්තානය පිරිසිදු කිරීම පිණිස භාවිතා කිරීමේ වරදක් නැත. දෝස චරිතයා නම් නිතර හටගන්නා ද්වේෂ සහගත සිතිවිලිවලින් යුක්ත තැනැත්තාය. යම්කිසි හෙයකින් දෝස චරිතයකින් සමන්විත පුද්ගලයෙකු වඩා ඉක්මනින් සිත සමාධි ගත කිරීමේ පහසුව සලකා පිලිකුල් භාවනාවෙහි යෙදෙන්නට වූ විට ඒ පුද්ගලයාගේ අතපසුවීමකින් ස්වකීය චිත්ත සන්තානය තුළ බහුල වශයෙන් පවතින ද්වේෂය ප්‍රතික්කූල සංඥාවෙහි ව්‍යාජ සාරධර්මයක
ස්වරූපයෙන් සිතෙහි මතුව ඒමට පුළුවන. එයට මුලා වූ තැනැත්තා ප්‍රතික්කූල සංඥාව වෙනුවට ද්වේෂයම වර්ධනය කරයි. ප්‍රතික්කූල සංඥාව කුශලයකි. පුණ්‍ය හැඟීමකි. නමුත් ද්වේෂය අනර්ථකාරී පාපී හැඟීමකි. මේ හේතු නිසා හොඳ ගුරුවරයෙකු හෝ නිවැරදි ගුරු උපදේශ සහිතවම භාවනාව වැඩීම ප්‍රතිඵලදායකය.
සියළු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දක්නා නුවණ අනිත්‍ය සඤ්ඤාවයි. සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය නැවත නැවත නුවණින් මෙනෙහි කිරීම භාවනාමය කුශලයකි. තමන්ගේ ඤාතියෙකු අභාවයට පත් වූ විට ඒ පාඩුව නිසා පුද්ගල සන්තානය තුළ ද්වේෂය උපදී. එය අනිත්‍යතා වේශයෙන් උපදී. වඤ්චනික ධර්මයකි. එයින් මුළාවට පත්වෙයි. මෙම ව්‍යාජ සාරධර්මය අනිත්‍ය සංඥා වේශයෙන් පහළවන ද්වේෂය ලෙස අර්ථ දක්වා තිබේ.
පෘථග්ජන මිනිසුන් තුළ නිතර යම් යම් දේ මුල් කරගෙන ඊර්ෂ්‍යාව පහළ වේ. අනුන්ගේ සම්පතට නො කැමතිවීම අනුන්ට ලැබෙන ගෞරව සත්කාර ඊර්ෂ්‍යාවේ ස්වභාවයයි. එය සත්ව සන්තානයෙහි නොයෙක් නොයෙක් ආකාරයෙන් ඇති වේ. මුදිතාවේ හැඩරුව ගෙන ව්‍යාජ සාරධර්මයක් ලෙස ඊර්ෂ්‍යාව හටගනියි. එසේම ඊර්ෂ්‍යාව පරාර්ථ කාමතා වේශයෙන් සත්ව සන්තානය තුළ උපදී. අන්‍යයන්හට යහපත සැලසීම පරාර්ථකාමතාවයයි. කෙනෙකුහට කිසියම් තත�
��වයක් ලැබෙන විට එයට අකමැති පුද්ගලයා තුළ පරාර්ථකාමතා වේශයෙන් ඊර්ෂ්‍යාව උපදී. පරීක්ෂණතා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාව උපදී. විමසා බලා සිහි නුවණින් ක්‍රියා කිරීම බුද්ධිමත් පුද්ගලයන්ගේ ස්වභාවයයි. නොවිමසා නුනුවණින් යමක් ඇසූ පමණින් පිලිගැනීම මෝඩයන්ගේ ස්වභාවයයි. සමහරුන් තුළ මේ ඊර්ෂ්‍යාව පුණ්‍යකාමතා වේශයෙන් උපදී. යම් යම් පුද්ගලයින් විසින් සිදු කරනු ලබන පුණ්‍ය කර්මයන් නිසා එය අසන
දකින සමහරුන් තුළ ඒ උදවියට ලැබෙන ප්‍රශංසා කීර්ති නො ඉවසීම නිසා ඊර්ෂ්‍යාව පුණ්‍ය කාමතා වේශයෙන් උපදී. ප්‍රතික්කූල සංඥා වේශයෙන් ද ඊර්ෂ්‍යාව උපදී. අනිත්‍ය සංඥා වේශයෙන් ද වඤ්චක ඊර්ෂ්‍යාව සත්ව චිත්ත සන්තානය තුළ පහළ වේ.
තමන් සතු වස්තුව අන්‍යයන්හට දෙනු තබා අන්‍යයන් ඒවා දකිනවාටත් ඇති අකමැත්ත මච්ඡරියයි. මච්ඡරියයි. මච්ඡරිය පුද්ගලයා තමන් සතු දෙය අන්‍යයන් සතු වීම නොඉවසයි. තමා සතු දෙයකින් ැන්‍යයන් ප්‍රයෝජනයක් ලබනවා නම් දකිනු නො ඉවසයි. අධ්‍යාත්මක අරමුණු කරගෙන උපදනා මේ මසුරුකම නිසා පුද්ගලයාගේ චිත්ත සන්තතිනය කිලිටි කරයි. එය පරික්ෂාකාරීකා ස්වරූපයෙන් සත්ව චිත්ත සන්තිනය තුළ උපදී. යමක් කරන විට පරි��
�්ෂා කොට සිදු කිරීම නුවණැතියන්ගේ සිරිතයි. මසුරු තැනැත්තාට යම් කිසි පිනක් හෝ වෙනත් ජාතික කාර්යයක් හෝ කිරීමට යෝජනා කළ විට මේවා කළ යුතු කාර්යයන් ද මේවායින් ප්‍රයෝජනයක් ලැබේද ආදී වශයෙන් ඔහුගේ සන්තානය තුළ මාත්සය්‍ර්‍ය පරීක්ෂාකාරීධනය විය පැහැදම් කිරීමට අවස්ථාවක් ඉදිරිපත් වූ විට කා වේශයෙන් උපදී. මේ හේතුව නිසා විචාර පූර්වක බව නැමැති ව්‍යාජ සාරධර්මයෙහි ස්වරූපයෙන් මාත්සය්‍ර්�
�� සිත තුළ හටගනියි.
කිසියම් කරුණක් සඳහා ධනය විය පැහැදම් කිරීමට අවස්ථාවක් ඉදිරිපත් වූ විටක මසුරාගේ සිතෙහි ඤාණ ස්වරූපයෙන් මසුරු බව උපදී. මසුරා සිය ධනය වැයවීමෙන් ඇති වන ආදීනව සලකයි. පසුව දීමෙන් වැළකී සිටියි. ඤාණ වේහයෙන් මසුරුකම ඇතිවෙයි. මසුරු බව ව්‍යාජ සාරධර්මයක හැඩහුරුව ගෙන ඥාන වේශයෙන් පහළවන විට එය චඤ්චක මාත්සය්‍ර්‍ය ලෙස හැඳින්වේ.
වෙහෙස මහන්සි වී උපයන ධනය නිකරුණේ විය පැහැදම් නොකර අවශ්‍ය දෙයට පමණක් යෙදවීමට ආරක්ෂා කළ යුතුය. උත්සහයෙන් ධනය උපයන්නේත් එසේම එය ආරක්ෂා කළ යුත්තේත් අවශ්‍ය කරුණක් එළඹුණු කල්හි වියදම් කිරීමටය. යමෙක් ධනය නිසි ලෙස අවශ්‍ය දෙයට යොදවන්නේ නැති නම් හෙතම ධනයෙන් අනර්ථයක් සිදු කර ගනියි. ධනය වියදම් කළ යුතු අවස්ථාවේ දී මසුරු මිනිසාගේ සන්තානය තුළ මසුරු බව අර්ථ සංරක්ෂණතා වේශයෙන් උපදී. එයින්
මුළාවට පත් වේ. මසුරු බව අර්ථ සංරක්ෂණ වේශයෙන් ව්‍යාජ සාරධර්මයක් සේ පහළවන විට එය චඤ්චක මාත්සය්‍ර්‍ය ලෙස හැඳින්වේ.
දන් දිය යුතු අවස්ථාව ඉදිරිපත් වූ විට මසුරු පුද්ගලයාගේ චිත්ත සන්තානයේ විචෙය්‍ය දානතා වේශයෙන් මසුරු බව පහළ වේ. විචෙය්‍ය දානතා යනු විමසා බලා දන්දීම “විචෙය්‍ය දානං දැතබ්බං” යනු ඒ අදහසයි. මසුරාගේ ස්වබාවය නිරතුරු ප්‍රතිග්‍රාහකයන්ගේ සිල්වත්කම් ගුණවත්කම් සෙවීමයි. අප විසින් දුකසේ දෑතේ මහන්සියෙන් සොයා ගත් දෙය දිය යුත්තේ සිල්වතුන්හටය. අනිකකුහට දීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොමැත ය
නුවෙන් කියමින් දිය යුතු අවස්ථාව එළඹි කල්හි මඟහරියි. මෙය ව්‍යාජ සාරධර්මයක් වූ විවෙය්‍ය දානතාවයෙහි වේශයෙන් පහළ වන චඤ්චක මාත්සය්‍ර්‍ය ලෙස හැඳින්වේ.
අසරණ දුප්පත් මනුෂ්‍යයෙකු ආහාරයක් ඇඳුම් පැළඳුමක් මිළ මුදලක් ආදී යමක් ඇවිත් ඉල්ලූ විට මසුරාගේ චිත්ත සන්තානයෙහි ඒ මොහොතේ පරාර්ථ කාමතා ස්වරූපයෙන් මාත්සය්‍ර්‍ය පහළ වේ. එයින් මුළාවට පත් මසුරා මෙසේ සිතයි. නිකම් දී එයට පුරුදු වූ විට මොහු අලසයෙකු බවට පත් වෙයි. ඒ නිසා දීමෙන් ඔහුට කරන්නේ අපරාධයකි. ඔහුට කරන යහපත නම් කිසිවක් නොදීමයි යනුවෙන් සිතමින් දුගියාට හොඳක් සිදු කිරීමේ අපේක්ෂාව
ෙන් කිසිම දෙයක් නොදෙයි. මෙම ව්‍යාජ සාරධර්මය පරාර්ථකාමතා වේශයෙන් පහළවන චඤ්චක මාත්සය්‍ර්‍ය ලෙස හැඳින්වේ.
මානය සිත කිලිටි කරන අකුශල ධර්මයකි. එසේම එය උපක්ලේශයක් ද වේ. තුදුස් අකුශල චෛතසික අතර එක් චෙතසිකයකි. එය ලෝභ මූල සෑම සිතකම යෙදේ. තමාගේ තත්වය වරදවා පිළිගැනීම මැනය ඇති පුද්ගලයාගේ ස්වභාවයයි. මානය නොයෙක් ආකාරයට උපදියි. තමාෙග් ශරීර ලක්ෂණය, වයස, ගුණය, ජාති, ගෝත්‍ර ආදිය හේතු කොට ගෙන උපදියි. ගරු කළ යුතු අයට ගරු කිරීමට, වැඳිය යුතු අයට වැඳීමට, පිදිය යුතු අයට පිදීමට හා අවවාද පිලිගැනීමට නොක�
��මති බව සිතෙහි පහළ වන්නේ මානය නිසාය. “උම්මාදො විය දට්ඨබ්බො” යනුවෙන් මේ මානය ඔල්මාදයකට සමානකොට ඇත. මානය සෙය්‍ය මානය, සදිස මානය, හින මානය යනුවෙන් ත්‍රිවිධ වේ. එය අර්හත් මාර්ග ඥානයෙන් ප්‍රහීණ වේ.
පුද්ගල චිත්ත සන්තානයෙහි මානයම නිහතමානතා වේශයෙන් උපදියි. මානයට විරුද්ධ ධර්මය නිහතමානී බවයි. ගති පැවතුම්වලට ආචාර සමාචාරවලට ප්‍රතිපත්තිවලට බුදු දහමට මව් පිය වැඩිහිටි ගුරුවරු ආදී ගරු කළ යුතු හැසිරිම් රටා හා පුද්ගලයින් විෂයෙහි පටහත් පහත් පැවතුම් ඇතිව තෘෂ්ණා මානාදිය වැඩීමට හේතු නොවන කීර්ති ප්‍රශංසා වටිනා ඇඳුම් පැළඳුම් යාන වාහන නැදෑ පිරිස් කෙරෙන් විවක්තව විවේකීව හා ධර්මයට
අනුව වාසය කරන පුද්ගලයින්ගේ සිත්වල නිහතමානතා වේශයෙන් මානය පහළ වෙයි. එයට රැවටෙන අදාළ පුද්ගලයින් තමන් සේ අන්‍ය පුද්ගලයින් නිහතමානී නැති යැයි සිතමින් අන්‍යයන් පහත් කොට තමන් නිහතමානිකම් නිසා උසස් යැයි සිතයි. මෙම ව්‍යාජ සාරධර්මය නිහතමානතා වේශයෙන් පහළවන චඤ්චක මානය යැයි හැඳින්වේ.
තමාගේ ආත්මය ආරක්ෂා කරගන්නා ස්වභාවය ආත්ම ගෞරවය නමින් හැඳින්වේ. හැම දෙනා තුළම ආත්ම ගෞරවය ආරක්ෂා විය යුතුය. සමහරවිට එහි මානයෙහි ලක්ෂණ බැලූ බැල්මට පෙනුනත් එය මානය නොවේ. ආත්ම ගෞරවය නැති තැනැත්තා හීනමානයෙන් යුතු අයෙකි. ඕනෑ දෙයක් වේවා යන හැඟීමෙන් ක්‍රියා කිරීම ආත්ම ෙගෟරවය ඇති තැනැත්තාගේ ස්වභාවය නොවේ. බොහෝ වශයෙන් ආත්මගරුත්වය ඇති උදවිය තුළ ආත්ම ගෞරවයෙහි වේශයෙන් සෙය්‍ය මානය හෝ ��
�දිස මානය උපදී. මෙම ව්‍යාජ සාරධර්මය ආත්ම ගෞරවයේ වේශයෙන් පහළවන චඤ්චක මානය ලෙස අර්ථ දැක්වෙන්නේ එබැවිනි. ඇතැම් පුද්ගලයන් තමාගේ ආත්ම ගෞරවය පිණිස තමාගේ දුප්පත් මව් පියන් හා නෑදෑයන් හා තමාගේ ඇති සම්බන්ධය සමාජය ඉදිරියේ සඟවා ගනිති. එසේ වන්නේ දැන් තමන් විසින් දරණ සමාජ තත්වයට එය මදිකමක් සේ සලකා ගෙනය. එය හොඳ යහපත් ක්‍රියාවක් නොවේ.
ආගමික හා සාමාජික කටයුතු විෂයෙහි සමහරුන් බිය වී හෝ වෙනත් කරුණු නිසා හෝ පසු බට වී සිටින කල්හි වෙනත් අයෙකු ඉදිරිපත් වී ඒවා සිදු කරන අවස්ථාවේ ඔහුගේ සිතෙහි පුණ්‍ය කාමතා ස්වරූපයෙන් මානය උපදී. එයින් වඤ්චිත වූ තැනැත්තා මෙසේ සිතයි. හැම දෙනාහටම කළ නොහැකි මේ කාර්යය මම ඉටු කළෙමි. යනුවෙන් ඔහුගේ සිතෙහි ගර්වයක් උපදියි. මෙම ව්‍යාජ සාරධර්මය පුණ්‍ය කාමතා වේශයෙන් පහළවන චඤ්චක මානය ලෙස හැඳින��
� වේ. සමහරු තමාට නොහැකි තරම් විශාල ලෙස පින්කම් සංවිධානය කරන්නටත් ඒවා ප්‍රසිද්ධිය තකා ප්‍රචාරය කරන්නටත් පෙළඹෙන්නේ හුදෙක් තමා තුළ පුණ්‍ය කාමතා ස්වරූපයෙන් ව්‍යාජ සාරධර්මයක් ලෙස ක්‍රියාත්මක වන මානය නිසාය. මෙය කෙතෙරම් අන්තවාදී ලෙස ක්‍රියාත්මක වේදැයි කිවහොත් වර්තමානයෙහි සමහරු සාමාන්‍යයෙන් තමාගේ මිය ගිය ඥාතියෙකුගේ මතක බණ හෝ දානාදි පින්කමක් නිවසක පැවැත්වෙන අවස්ථාවක් පවා මා
ධ්‍ය ඔස්සේ විකාශය කරමින් තමාගේ මානය රටට ප්‍රකාශ කිරීමට පුරුදුව සිටීමයි. මෙයින් අන්‍යයන්හට බණ අැසීමට අවස්ථාවක් ලැබීම හොඳ දෙයක් ෙවතත් මෙය සිදු කරන පුද්ගලයාගේ පරමාර්ථය එසේ අන්‍යයන්ට සිදුවන සේවය පෙරට දමා තමාගේ ලොකුකම නැමැති මානය තෘප්තිමත් කරගැනීමයි. නැතහොත් තමා කෙතරම් ගුණවත් තැනැත්තෙක් දැයි රටට ප්‍රකාශ කිරීමයි. අනියම් වශයෙන් මහජන ප්‍රසාදය දිනා ගැනීම ද මානය නිසාම පුද්ගල�
��ාහට ඇතිවන ප්‍රයෝජන වේ. මෙවැනි අවස්ථා ඉතාමත්ම සියුම් බැවින් කියු දෙය ඇසූ පමණින් වහා ක්ෂණික නිගමනවලට නොඑළඹී එසේම අන්තගාමී නොවී ප්‍රකාශ කරන දෙය මැනවින් තේරුම් ගැනීම වැදගත්ය.
පරාර්ථකාමය නම් අන්‍යයන්ගේ කටයුතු කිරීමයි. “පරත්ථ පටිපජ්ජථ” යනුවෙන් ප්‍රකාශ වන්නේ අන්‍යයන්ගේ හිත සුව පිණිස සේවය කිරිමයි. විපතට පත් වූ කෙනෙකුහට උදව්වක් කළ යුතු අවස්ථාවක් පැමිණි විට ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් නොවන විට එය දුටු තැනැත්තා තුළ පරාර්ථකාමතා ස්වරූපයෙන් මානය පහළ වේ. කරුණා වේශයෙන් පහළවන මානයට ඔහු මුළාවෙයි. එයින් රැවටුණු හෙතම මෙසේ කියයි. පරාර්ථකාමීන් වශයෙන් රටට දැයට ��
�මයට වැඩ කරන උදවිය ලෙස පෙනී සිටින ඔවුන්ට නොහැකි වූ වැඩ මම කළෙමි යි ගර්වයක් පසුව ඔහුගේ සිතෙහි උපදී. මෙම ව්‍යාජ සාරධර්මය පරාර්ථකාමතා වේශයෙන් පහළවන චඤ්චක මානය ලෙස හැඳින්වේ.
සෙය්‍ය මානය සදිස මානය හීන මානය වශයෙන් මානය ත්‍රිවිධ වේ. එය බොහෝ විට ඤාණ වේශයෙන් පහළ වේ. යම් දෙයක් පිළිබඳ ඇති සැටියෙන් දැන ගැනීම ඥාණය තුළින් සිදු වේ. තමා අනික් අයට වඩා උසස්ය යන හැඟීමෙන් මානය උපදී. එහෙත් මාළා වු තැනැත්තා තමා තුළ මානය ඇතැයි නො පිළිගනියි. එයින් තමා රැවටිමට පත් වෙයි. සදිස මානයෙන් යුත් තැනැත්තා තමා අන්‍යයන් හා සම තත්වයෙන් සලකයි. එහෙයින් හෙතම ඒ නිසා මුළාවට පත් වෙයි. හී�
�� මානයෙන් යුත් තැනැත්තේ තමාගේ හිනත්වය ඥානයක් වශයෙන් කල්පනා කරයි. හීන මානයෙන් යුත් තැනැත්තේ නිතරම අන්‍යයන්හට අවනත වන ස්වභාවය ඇත්තෙක් වෙයි. ගරු සරු නොදැක්විය යුත්තන්හට පවා ගරු සරු දක්වයි. එයින් වඤ්චිත වූ තැනැත්තා අන්‍යයන් අනුකරණය කරමින් අන්‍යයන් කරන කියන අන්දමට කටයුතු සිදු කරයි. ආහාර පාන ගනියි. ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් සකස් කර ගනියි. මෙසේ සිරිත් විරිත් ආදිය ඒ අනුව සකස් කර
ගන්නට වෙර වඩයි. අනුකරණය කරන තැනැත්තේ හැමදාම ජීවත්විමට සැරසෙනවා මිස ජීවන මාර්ගය සකස් කරගෙන ජීවත් වන්නෙක් නොවේ. මෙම ව්‍යාජ සාරධර්මය ඤාණ වේශයෙන් පහළවන චඤ්චක මානය ලෙස සැලකේ.
චිත්ත චෛතසිකයන්ගේ ගිලන් ස්වභාවය ථිනය හා මිද්ධයයි. එය සත්ව සන්තානයෙහි නොයෙක් ආකාරයෙන් පහළ වෙයි. ථීන, මිද්ධ දෙකින් යුක්ත තැනැත්තාහට කිසිම වැඩක් කලට වේලාවට නිසි ලෙස කළ නොහැක. දෙලොවම පිරිහීම ළඟා කර ගනියි. එසේම නොයෙකුත් ව්‍යාජ සාරධර්ම ථීනය හා මිද්ධය නිසා හටගනියි. ථිනය හා මිද්ධය නිසා පින් කම් මෙන්ම පාපය ද සිදු නොවීම යහපත් දෙයක් සේ ඇතැම් අය සලකනු ලැබූවත් එය නිවැරදි නොවේ. නරකින් වැ��
�කිය යුතු වන්නේ හා නොකළ හොඳ සිදු කිරීමත් එය වඩා වර්ධනයත් සිදු කළ යුත්තේ යහපත් වැයම, ධෛර්යය හා අධිෂ්ඨානය මූලික කරගෙන සිහියෙන් හා ප්‍රඥාවෙනි.
සිතේ ඇතිවන එකඟකම සමාධියයි. “චිත්තෙකග්ගතා සමාධි” යන්නෙන් එය පැහැදිලි වේ. නානාවිධ ආරම්මණයන් කෙරෙහි විසිරී පවත්නා සිතට එසේ යන්නට ඉඩ නොදී එකම අරමුණක රඳවා ගන්නේ සමාධියේ බලයෙනි. සමාධි වේශයෙන් වඤ්චනික ථින මිද්ධය පහළ වන්නේ සාමාන්‍ය උදවියට නොවේ. සමාධි භාවනාව වඩන භාවනානුයෝගියාහටය. සමාදි භාවනා කරන්නාගේ ඉන්ද්‍රීය ධර්මයෝ වෙහෙසට පත් වෙති. එමඟින් තම සිරුරට වෙනසක් දැනෙයි. පැයක් සමාධි �
��ාවනා කරන කෙනෙකුහට දවස මුළුල්ලේම බර වැඩ කරන කෙනෙකුගේ කයට දැනෙන වෙහෙසට වඩා වෙහෙසක් දැනෙන්නේය. එවිට සමාදිය අතුරුදහන් වී සමාදි වේශයෙන් සත්ව සන්තානයෙහි ථින මිද්ධය වඤ්චනික ලෙස උපදියි. එයින් හෙතම මුළාවට පත්වෙයි. සමාධි ප්‍රතිරූපක ථින මිද්ධය බව නොවැටහීම නිසා සමාධිය යැයි සිතා ථින මිද්ධය වඩයි. මෙම ව්‍යාජ සාරධර්මය සමාධි වේශයෙන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ලෙස අර්ථ දැක්වේ.
පාපයෙන් වැළකීම යහපත්ය. අලස බව ඇතිවීමට හේතුවන අධික ශීතල අධික උෂ්ණය බඩගින්න ආදී කරුණු නිසා පාපයන් සිදු කිරීමට සිටින අවස්ථාවක ථින මිද්ධය ඒ පාප ක්‍රියාවෙන් වළකින ආකාරයෙන් පහළ වේ. එයින් වඤ්චිත පුද්ගලයා එයින් මුලා වී ක්‍රියා කරයි. හොඳ නරක වටහාගෙන ඒ අනුව පාප යෙන් වැළකීම උතුම් වන නමුත් ස්වකීය අලසකම, කම්මැලි ස්වභාවය නිසාම හොඳ නරක බේදයක් නොසලකා සියළු දෙයින් වැළකීම සාරධර්මයක් නොවේ. ��
�ිසියම් පාප හෝ අකුසල කර්මයකින් වැළකුකීමට ඒ දෙය කිරීමට ඇති ථින මිද්ධය හේතු වීම සාරධර්මයක් ලෙස සැලකෙන්නේ නැත. පාප හා අකුසලයෙන් කෙසේ හෝ වැළකීම යහපත් වන නමුදු එය උසස් ක්‍රියාවක් වන්නේ ප්‍රඥාව හා විචාර පූර්වක ස්වභාවය සහිතව එහි යෙදෙන විටය. මෙම ව්‍යාජ සාරධර්මය පාප විරමනා වේශයෙන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ලෙස හැඳින්වේ.
ථින මිද්ධ අලසකම අධික පුද්ගලයාගේ සන්තානය තුළ බෙහෙවින් පහළ වෙයි. එය ඤාණ වේශය ගනියි. උත්සාහයෙන් ක්‍රියා කළ යුතු අවස්ථාවෙහි දී අලස තැනැත්තාගේ සිතෙහි උත්සහ කළත් ඒ දෙය කිරීමෙන් ඇති ප්‍රයෝජනයක් නැතැයි සිතයි. ඤාණ වේශයෙන් ඔහුගේ සිත් සතන්හි ථින මිද්ධය පහළවීම නිසා ඒ හැඟීම උපදියි. කම්මැලියාට දිවැස් ඇත යන්නෙන් අදහස් වන්නේ ද අලස පුද්ගලයා තමාගේ කම්මැලිකම ඥානයක් සේ සිතා ක්‍රියා කරන බවය��
�. මෙම ව්‍යාජ සාරධර්මය ඤාණ වේශයෙන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ලෙස අර්ථ දැක්වේ.
සොයා බලා විමසා පරීක්ෂා කොට වැඩ කිරීම යහපත්ය. එසේ පරීක්ෂා කොට යමක් කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබේ. ඉක්මන් නොවී සුදුසු විට එය කළ යුතුය. තරමක් දුෂ්කර වැඩක් ඉදිරිපත් වූ විට එය පරීක්ෂා කොට කිරීමට කැමති වෙයි. එය ඔහුගේ සිතෙහි ථීන මිද්ධ චඤ්චනික ධර්මයක් වශයෙන් ඉපදීම නිසා සිදුවෙයි. අලසකම නිසා නියමිත කටයතු කල් තැබීම සුදුසු නැත. මෙම ව්‍යාජ සාරධර්මය පරීක්ෂණතා වේශයෙන් පහළවන වඤ්චක ථීනය හා ම
ිද්ධය ලෙස හදුනාගත හැකිය.
මෙකී කාර්යය මා වැනි අයට නොගැළපේ. මෙබදු පහත් වැඩ කිරීම අපගේ ආත්ම ගෞරවයට කැළලකි. ආදී වශයෙන් සලකා අලස තැනැත්තේ වෙහෙස විය යුතු අවස්ථාවන්හි දී ථීන මිද්ධය නිසා මුලාවට පත් වේ. මෙම ව්‍යාජ සාරධර්මය ආත්ම ගෞරවයේ වේශයෙන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ලෙස සැලකිය හැකිය. ථිනය හා මිද්ධය ව්‍යාජ සාරධර්මයක හැඩතල ගෙන ආත්ම ගෞරවයෙහි ස්වරූපයෙන් මතුව පාපයෙන් වැළක්වීම පවා පව්කම්වල නිරත වනවාට වඩා යහප
ත්ය. නමුත් මෙහි දී පවින් වැලැක්වීම සඳහා මූලිකවම ක්‍රියාකොට ඇත්තේ සාරධර්මයක් වූ ආත්ම ගෞරවය නොව එහි හැඩය ඇතිව පහළ වූ ව්‍යාජ සාරධර්මයක් වූ ථින මිද්ධය බව හඳුනාගැනීම වැදගත්ය. මක් නිසාද යත් ථින මිද්ධය ව්‍යාජ සාරධර්මයක්ව ආත්ම ගෞරවයෙහි වේශයෙන් පුද්ගල සිත තාවකාලිකව සුළු පවකින් වැළක්වීමට සමත්වුවත් පසුකාලීනව එයින් සිදුවිය හැකි අවැඩ හා පාපය විශාල විය හැකි හෙයිනි.
ආත්ම සංරක්ෂණය ආත්මාරක්ෂකතා නම් වේ. ජීවිතය ආරක්ෂා කිරීමයි. ආත්ම ආරක්ෂාව හැමදෙනාටම අවශ්‍යය. ජීවිතයත් කලක් පවත්වා ගැනීමට නිරෝගී බව තිබිය යුතුය. තම තමන්හට ඔරොත්තු දෙන ප්‍රමාණයට කටයුතුවල යෙදිය යුතුය. බොහෝ වෙහෙස මහන්සි වී යම් යම් බර වැඩ කරන අවස්ථාවන්හි දී ආත්මය ආරක්ෂා කරන වේශයෙන් වඤ්චනික ථීන මිද්ධය පහළ වේ. මෙම ව්‍යාජ සාරධර්මය ආත්මාරක්ෂකතා වේශයෙන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ලෙ��
� අර්ථ දක්වනු ලබයි.
අන්‍යයන්හට සුව සෙත සැලසීමේ කැමැත්ත පරාර්ථ කාමතාවයි. ථින මිද්ධය පරාර්ථ කාමතාවේ වේශයෙන් පුද්ගල චිත්ත සන්තානයෙහි පහළ වේ. එයට රැවටුණු අය අන්‍යයන්හට යහපත සලසන ක්‍රියාදාමයන්ගෙන් වැළකී සිටිති. මෙම ව්‍යාජ සාරධර්මය පරාර්ථකාමතා වේශයෙන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ලෙස හඳුනාගත හැකිය.
ථින මිද්ධය සමහර අවස්ථාවන්හි සත්ව සන්තානයෙහි අල්පේච්ඡතා වේශයෙන් පහළ වේ. එයින් මුලා වූ තැනැත්තා අපට මේ තිබෙන දේ ප්‍රමාණවත්ය. අපි එපමණකින් සෑහීමකට පත්වෙමු යැයි සිතමින් තිබෙන සම්පත් වැඩි දියුණු කර ගැනීමට හෝ නැති සම්පත් ලබා ගැනීමට උත්සහ නොකරති. මෙම ව්‍යාජ සාරධර්මය අල්පෙච්ඡතා වේශයෙන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ලෙසට අර්ථ දැක්වේ.
කළ පව් පිලිබඳවත්, නො කළ පින් පිළිබඳවත් ඇතිවන පසුතැවීම කුක්කුච්ඡයයි. කරුණා වේශයෙන්, පුණ්‍ය කාමතා වේශයෙන් ශික්ෂා කාමතා වේශයෙන් වඤ්චක කුක්කුච්ඡය ඇති වේ. මෙම ව්‍යාජ සාරධර්ම කුක්කුච්ඡය මූලික කරගෙන සිත තුළ හටගනියි.
කුඩා කළ සිට මව් පියෝ දරුවන්හට යුතුකම් ඉටු කරති. ගුරුවරු ද ශිෂ්‍යයින්ට නිසි මඟ කියා දෙති. සොහොයුරු සොහොයුරියන්හට ද ඇප උපකාර කරති. මෙසේ තමන්ට ඇප උපකාර කළ අයට පෙරළා ප්‍රත්‍යුපකාර කිරීම සත් පුරුෂ ධර්මතාවයකි. එහෙත් ඒ යුතුකම ඉටු නොකළ උදවියහට පසුව පසුතැවිලි වීමට සිදු වේ. එය කරුණා වේශයෙන් ඇතිවන කුක්කුච්ඡයයි. මෙම ව්‍යාජ සාරධර්ම කරුණා වේශයෙන් පහළවන වඤ්චක කුක්කුච්ඡය ලෙස හදුන්වනු ලබය
ි.
පුණ්‍යකාමතා නම් පින් කරනු කැමති බවයි. පින් දහම් සිදු කර ගන්නට සුදුසු අවස්ථාවන්හි එසේ නොකොට එය ඉක්මවා ක්‍රියා කළ උදවියගේ සිත් සතන්හි පුණ්‍යකාමතා වේශයෙන් කුක්කුච්ඡය පහළ වේ. මම දන් දෙන්නට සිල් සමාදන් වෙන්නට බණ දහම් අසන්නට බලාපොරොත්තුවෙන් සිටියෙමි. එහෙත් යම් යම් බාධක පැමිණි නිසා එය මට සිදු කර ගන්නට ඉඩක් නො ලැබිණ යනාදී වශයෙන් පින් කරනු කැමති ආකාරයෙන් පසුතැවිලි වේ. එය පුණ්‍යකා�
��තා වේශයෙන් උපදින වඤ්චනික කුක්කුච්ඡයයි. මෙම ව්‍යාජ සාරධර්මය පුණ්‍යකාමතා වේශයෙන් පහළවන වඤ්චක කුක්කුච්ඡය ලෙස විස්තර කළ හැකිය.
ශික්ෂා ගරුක ඇතැම් පැවිදි උතුමන්හට යම් යම් අවස්ථාවන්හි දී පෘථග්ජන දෝෂය නිසාම උපදින චිත්ත වේග පාලනය කරගත නොහැකිව නො දැනුවත්වම කෙලෙසුන්ට වසඟ වන්නට සිදු වේ. ඇතැම් ශික්ෂා පද බිඳගෙන පසුතැවීමට පත් වෙති. මගේ ශීලය අපරිසිදුය. සිල් බිඳීමෙන් මට පවක් සිදු විය. ආදී වශයෙන් සිතමින් ඇතැම් පැවිදි පක්ෂයෙහි උතුමො පසුතැවෙති. එය ශික්ෂා කාමතා ස්වරූපයෙන් උපදින වඤ්චනික කුක්කුච්ඡයයි. මෙම ව්‍යාජ ��
�ාරධර්මය ශික්ෂකාමතා වේශයෙන් පහළවන වඤ්චක කුක්කුච්ඡය ලෙස පෙළ දහමෙහි විස්තර කර දී තිබේ.
පව් කිරීමට ලැජ්ජා නොවන එය පිළිකුල් නො කරන ස්වභාවය අහිරිකය නම් වේ. පව් කිරීමට බිය නොවන ස්වභාවය අනොත්තප්පයයි. අහිරිකය හා අනොත්තප්පය එකට පවත්නා ධර්මති දෙකකි. එය පරාක්‍රම වේශයෙන් ධෛර්යය වේශයෙන් සත්‍යවාදිතා වේශයෙන් සෘජුත්ව වේශයෙන් සත්ව සන්තානයෙහි පහළ වේ. සාරධර්ම ස්වරූප ගෙන පහළ වන මෙම ව්‍යාජ සාරධර්ම අහිරික හා අනොත්තප්පය මූලික කරගෙන ඇති වේ. ඇතැම් පුද්ගලයින් තමා සතු පිරිස් බලය ��
�ිසා උදම්ව පව් කිරිමට බිය නොවෙති. නමුත් පිරිස් හෝ ධන බලය සදාකාලික දේවල් නොවේ. පව් කරන්නා කවදාමුත් එහි අනිටු ප්‍රතිඵල ලැබිය යුතුය. ඒ අනුව පිරිස හෝ ධනය තිබුණත් කවදා හෝ තමා හුදකලා වන දවසක් සෑම පව් කරන පුද්ගලයෙකුහටම උදා වන සිතා පව් කිරිමෙන් වැළකීම වැදගත්ය.
නො පසුබස්නා උත්සහය පරාක්‍රමයයි. පිරිස් ඉදිරියෙහි වැරදි කරන්නට සමහරු මැලි වෙති. ලැජ්ජා වෙති. බිය වෙති. එසේ පසු බසින අවස්ථා වලදී එකී පුද්ගලයන්ගේ සිත්වල පරාක්‍රම වේශයෙන් අහිරිකය හා අනෝත්තප්පය පහළ වේ. මෙම ව්‍යාජ සාරධර්මය පරාක්‍රම වේශයෙන් පහළවන වඤ්චක අහිරික අනොත්තප්පය ලෙස හැදින්වේ. යම් යම් ආකාරයෙහි නිලය හෝ බලය නිසා උදම් වන ඇතැම් පුද්ගලයන් තමාට ඇති එකී නිලය හෝ බලය සදාකාලික යැය�
�� සිතා පාපයෙහි නියැළීමට මැළි නොවේ. එහෙත් නිලය හා බලය සදාකාලික දේ නොවේ. ලෝක ස්වභාවය නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ වලට අනුකූලව පැවැත්මයි. මෙලොව සියළු දෙය ත්‍රිලක්ෂණ ධර්මතාවයන්ට එකඟ හා ඒ අනුව පවත්නා දේ නිසා තමන් සතු නිල ධන බලතල සදාකාලික නොවන බැව් සිතා පරාක්‍රම වේශයෙන් ව්‍යාජ සාරධර්මයක් ලෙස පහළවන අහිරික අනොත්තප්පය හැඳිනගෙන ඉන් වැලකීම අවශ්‍යය.
කවුරුන් මොනවා කීවත් විරුද්ධ වුවත් මම ඒ දෙය කරන්නෙමැයි ස්වකීය මතයෙහිම පිහිටා වැරදි කරන අයගේ සිත්වල අහිරික අනොත්තප්ප ධර්ම දෙක ධෛර්යය යන ව්‍යාජ සාරධර්මයෙහි වේශයෙන් පහළ වේ. එහෙත් එය ධෛර්ය හීන කිරීමකි. මෙම ව්‍යාජ සාරධර්මය ධෛර්යයේ වේශයෙන් පහළවන වඤ්චක අහිරික අනොත්තප්පය ලෙස ධර්යෙහි පැහැදිලි කර දී ඇත. ඇතැම් පුද්ගලයින් කොතරම් උසස් ආගමික පූජ්‍ය හෝ පූජක පක්ෂයෙහි උතුමෙකු අවවාද කළත��
� පාප, නරක ක්‍රියා නොනවත්වති. තමාගේ සමීපතමයින් තමාගේ වැරදි දැක ඉන් කළකිරී ඉවත්ව යතත්, අන්‍යයන් කෙතෙක් සුමඟට ගැනීමට උත්සහ කරනු ලැබූවත් ඇතැම් පාප ක්‍රියාවන්හට ඇබ්බැහි වූ අය තවත් පවටම යොමු වන්නේ මේ නිසාය. මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය ඒවා පාප ක්‍රියා වූවත් එවැයෙහි ආදීනව කෙතෙක් පෙන්වා දෙනු ලැබූවත් කොයි තරම් උසස් සමජ මට්ටමක සිටියත් තමන්ගේ වැරදි ක්‍රියාවන් නවත්වා දෑ
මීමට අසමත් වෙති.
යහපත් පුද්ගලයින් තමාෙග් අතින් සිදු වූ වැරදි අඩුපාඩු හා අකුසල් අන්‍යයන්ගෙන් නොසඟවන මුත් කුහක හා වංක පුද්ගලයින් සමාජය ඉදිරියේ යහපත් පරමාදර්ශී තැනැත්තන් සේ පෙනී සිටිමින් පාපය සැඟවීමට තරම් වඤ්චනික වන්නේ තමාගේ නියම ස්වරූපය අන්‍යයන් දැන ගතහොත් එය තමාගේ සමාජ තත්වට මදිකමක් සේ සලකන හෙයිනි. මෙයින් ඇතිවන ලැජ්ජාවත් බියත් නිසා සමහරු තමන් කළ වැරදි පව්කම් මහජනයා ඉදිරියෙහි සඟවති. ත�
��ා සත්‍යවාදියෙකු වශයෙන් පෙනී සිටිති. එහෙත් වඤ්චනික පුද්ගලයෝ සත්‍යවාදියෙකුගේ ස්වරූපයෙන් ලැජ්ජාවෙන් හා බියෙන් තොරව පව්කම් සිදු කරති. පව් හා අකුසල් සිදු කිරීමට ලැජ්ජාව හා බිය තිබීම හොඳය. එවිට ඉන් වැළකීමට පුද්ගලයාහට පුළුවන්කම තිබේ. ලැජ්ජාව හා බිය දේව ධර්ම ලෙස බුදු දහමේ විස්තර කර දී ඇත්තේ එහෙයිනි. පව්කම් විවෘතව සිදු කරන්නේ එහි ප්‍රතිඵලය පිළිබඳ නිවැරදි තක්සේරුවක් නොතිබීම නි��
�ාය. පිළිගත්තත් නැතත් පව් කළ පුද්ගලයාහට විපාකය අනිවාර්යයෙන්ම විඳින්නට සිදු වේ. සත්‍යවාදියෙකු කිසිම දිනෙක දැන දැන වැරදි සිදු කරන්නේ නැත. මෙම ව්‍යාජ සාරධර්මය සත්‍යවාදිතා වේශයෙන් පහළවන වඤ්චක අහිරික අනොත්තප්පය ලෙස බුදු දහමේ විස්තර කර දී තිබේ.
එසේම අපුසිද්ධියෙහි පව්කම් කිරීම කුහක කමකැයි තමා එසේ කුහක පුද්ගලයෙකු නොවන බව සිතා පුසිද්ධියෙහි පාප ක්‍රියාවල නිරතවීම ද වැරදිය. සමාජයෙන් දොස් ඇසීමට සිදුවෙතැයිබිය නිසා හෝ කෙනෙකු වරදින් මිදී සිටීම එක්තරා ආකාරයකින් යහපත් දෙයකි. කුමන අයුරින් හෝ යහපතක් තමන් අතින් සිදුවන හෙයිනි. සමහරු පව්කම් කිරීමට ලැජ්ජාවක් බියක් දක්වන්නේ නැත. උදාර පින්කමක් කරන්නාසේ කිසිදු ලැජ්ජාවක් බියක් ��
�හිතවම පව්කම් ප්‍රසිද්ධියෙහි කිරීමට තරම් සැහැසි වෙති. ඔවුන් සිතන්නේ පාපය ප්‍රසිද්ධියෙහි කිරීමේ දී වරදක් නොවන බවය. සමහරු මෙසේ කරන්නේ තමා විසින් ප්‍රසිද්ධියෙහි සිදු කරන ලබන පාප කර්මයට අන්‍යයන් විසින් ගැරහීම හෝ නින්දා කිරීම වැනි කරුණු නිසා තමා තුළ එවැනි පාප ක්‍රියා කිරීමෙන් වැළකීමට කිසියම් අනුබලයක් පසුවට හෝ මෙයින් සැලසෙතැයි යන ආකල්පයෙනි. තමාටම තමන්ගේ සිත පාලනය කරගැනීමට ��
�ැකියාවක් නොමැති නිසා එය අනුන් විසින් සිදුකර දෙන තෙක් දුර්වලව සිටීමේ පුරුද්ද ඇතැම් දෙනා තුළ තිබීම මීට හේතුවයි. පව්කම් කිරීමේ දී සෘජුත්වයෙහි වේශයෙන් අහිරිකයත් අනොත්තප්පයත් පහළ වේ. ලැජ්ජාවත් බියත් නැති උදවිය අන්‍යයන් සැඟවී කරන පව් ප්‍රසිද්ධියේ සිදු කරති. මෙම ව්‍යාජ සාරධර්මය සෘජුත්ව වේශයෙන් පහළවන වඤ්චක අහිරික අනොත්තප්පය ලෙස පෙළ දහමෙහි විස්තර කර දී ඇත.
දෘෂ්ටි - මෝහ - විචිකිච්ඡා ධර්මයෝ ද මේ ආකාරයටම ව්‍යාජ සාරධර්ම ස්වරූපයෙන් සත්ව චිත්ත සන්තානයෙහි පහළ වේ. වැරදි දර්ශනය. වැරදි ලෙස දැකීම දෘෂ්ටියයි. එය ඥාන දර්ශනයෙහි ස්වරූපය පෙන්වයි. මෝහය අධික වූ තරමට ඒ තැනැත්තා පණ්ඩිතයෙකු නුවණැතියෙකු වශයෙන් සලකයි. ඒ මෝහය ඥාන දර්ශනය වශයෙන් පහළවීමයි. සමහරු බුදු දහම හෝ වෙනත් කිසිදු ආගමික දර්ශනයක් මැනවින් නොහදරා එහි ඇති විවිධ දොස් දැක ඒ පිළිබඳව පණ��
�ඩිතමානීව වාද විවාදාදියට එළඹෙන්නේ ඥාන දර්ශනයක් සේ ඇතිවන මෝහය නිසායි. බුදුදහමේ හා වෙනත් ආගමික ඉගැන්වීම්වල අන්තර්ගත සාහිත්‍යාංග කලාත්මක හදවතකින් රස නොවිඳ අති පණ්ඩිත මානීව දාර්ශනික දෘෂ්ඨියකින් එහි අඩුපාඩුකම් තාර්කිකව සොයන්නට වෑයම් කරන්නේ ඥානය ස්වරූපයෙන් චිත්ත සන්තානයෙහි මතුව එන මෝහය නිසාය. විචිකිඡාව නම් සැකය ද එසේමය. සමහරු සැකය විචාර පූර්වක බව ලෙස වරදවා වටහා ගෙන කටයුත�
�� කරන ආකාරය දක්නට ලැබේ. ත්‍රිවිධ රත්නය පිළිබදව, බුදු දහමේ දාර්ශනික වටිනාකමක් සහිත ධර්ම කොටස් පිළිබඳව ගැඹුරු දැනීමක් ඇතිකර ගැනීමට නම් නිරන්තරයෙන් දහම සේවනය කළ යුතුය. සුදුසු ගරුවරු වෙත එළඹීමෙන්, ධර්ම දේශනා ශ්‍රවණයෙන්, ධර්ම සාකච්ඡා මඟින්, කළ්‍යාණ මිත්‍ර සේවනයෙන් හා දහම් පොත්පත් පරිශීලයෙන් තමා තුළ නොතිබූ දැනුම වර්ධනය කරගැනීමට වෑයම් නොකර ඒ සෑම දෙයක් දෙසම සැකමුසු ඇසකින් බැලීම
වැරදි ප්‍රතිපත්තියකි. එම වැරදි ප්‍රතිපදාව තමා නිරයෙහි හෙළීමට සමත් වේ. සෙසු වැරදි සිදුවුවත් සැකය මාර්ග ඥාණයෙන් ප්‍රහීණ කළ සොත්පත්ති මාර්ගඵල ලාභියා සතර අපා නිරා දුකෙන් සදහටම අත් මිදෙන්නේ ඒ උතුමා සැකය දුරුකොට ඇති හෙයිනි. සැකය දුරු කරගැනීම නිරා දුකින් මිදීමට එක් හේතුවකි.
සාරධර්ම පිළිබඳව විස්තර කෙරෙන කොල්බර්ග්ගේ සාර්වික මූලධර්ම ගවේෂණය පිළිබඳව චින්තකයන්, දාර්ශනිකයන් සහ ආගමික කර්‍තෘවරුන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ ඉගැන්වීම් යොමු තිබේ. එම ඉගැන්වීම්වල අවසාන නිෂ්ඨාව ලෙස පැහැදිලි කර දී ඇත්තේ ද සාරධර්ම සංවර්ධනයෙහි නිෂ්ඨාව කරා යන ආකාරයයි. බුදුරදුන්, මහත්මා ගාන්ධි, ක්‍රිෂ්ණ මූර්ති, ආචාර්ය ඊ.ඩබ්.ආදිකාරම්, අනගාරික ධර්මපාලතුමා, යේසුස්, ගුරුනාතක
්, සොක්‍රටීස්, මාටින් ලූතර් කිං එබඳු සාරධර්ම ප්‍රතිසංස්කරණයන් සමාජයට හඳුන්වාදීමට ක්‍රියා කරන ලද ආගමික කර්‍තෘවරු හා දාර්ශනිකයින් වූහ. මේ වර්ගයට අයත් වෙනත් මූළධර්ම අතර අන්‍යයන් ඔබට කරනු කැමති පරිදි ඔබ අන්‍යයන්හට කරන්න නමැති ස්වර්ණමය නියමය ජීවිතයෙහි පූජනීය බව, වැඩිම දෙනාගේ යහපත පිලිබඳ මූළධර්මය, මානව වර්ධනය පෝෂ්‍ය කිරීමේ මූළධර්මය ආදිය වේ. මේ මූළධර්ම දෙවියන් විසින් දෙන ලද හ
ෝ බලයෙන් පවරන ලද ඒවා නොව ස්වකීය අභිමතය පරිදි තොරා ගන්නා දේ වේ. සියල්ලන්ටම ජීවිතය සාමකාමී වනු සඳහා උතුම් පුද්ගලයෝ ඒ උදාර පරමාදර්ශී මූළධර්ම තෝරා ගනිති.
දර්ශනපති
සුජිත් නිශාන්ත හේවගේ
Wednesday, March 10, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment